
(විමුක්ති එස් රුද්‍රිගු)
එන්.එම්.කේ සමූහ ව්‍යාපාරයට ලබා දුන් එක් කෝටි හතළිස් එක් ලක්ෂයක වටිනාකමින් යුත් චෙක්පත් 18 අගරු වීම හේතුවෙන් අත් අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු මිලියනයක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
එසේම පදිංචිය තහවුරු කරන ලෙසද නියෝග කෙරිණ.
සැකකරු එන්.එම්.කේ සමූහ ව්‍යාපාරයෙන් අලෙවි කිරීම සඳහා පාම් ඔයිල් ලබගෙන ඒ සඳහා ලබාදුන් චෙක්පත් 18 ක් මෙලෙස අගරු වී ඇත.
එහිදී සැකකරුගේ පදිංචිය තහවුරු කරන ලෙසද නියෝග කළේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජයන්ත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායකයා එම මුදල් වාරික වශයෙන් ගෙවීමට කැමති බවත් චෙක් පත් ලබා දී කාලයක් ගත වුවද දෙපාර්ශ්වයම ඒ පිළිබඳ සොයා බලා නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියට ගියොත් මේ වගේ සිද්දි දවසකට කියක් තියනවද .මටනම් දැනෙන්නේ විමුක්ති මහතා හිතවත් කමට දාපු නිව්ස් එකක්