
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් අනුරාධපුර මහා නායක හිමිවරු සහ ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑය වන්දනා කර ආශිර්වාද ලබා ගත්තාය.
ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍යවරිය නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය. මෙහි දී අටමස්ථානාධිපති සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන හිමියන් අග්‍රාමාත්‍යවරියගේ පැමිණීම විශේෂයෙන් ඇගයුමට ලක්කළහ.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑ නායක ස්වාමීන් වහන්සේ වන සියම් මහ නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තාය.
මෙහිදී රුවන්වැලි මහ සෑ නාහිමියන් සමඟ අග්‍රාමාත්‍යවරිය කෙටි පිළිසඳරක යෙදුණු අතර පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් කෙටි අනුශාසනාවක් කරමින් අටමස්ථාන ආශ්‍රිතව පවතින ප්‍රවාහන සහ සනීපාරක්ෂක පහසුකම් ගැටලු සම්බන්ධව අග්‍රමත්‍යවරිය දැනුවත් කළහ. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් රජරට විශ්ව විද්‍යාලයට නව භාෂා පීඨයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් අග්‍රමත්‍යවරිය දැනුවත් කළහ.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑය වන්දනාමාන කළාය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කොට අශිර්වාද ලබා ගත්තාය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහේන සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරු ද සම්බන්ධ වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපකුලපතිකමෙන් දොට්ට දාලා, සංඝ භේදය ඇති කරලා, තව එනවා පිරිකර පූජා කරන්න.! මේ වගේ දේවල් කරන්නේ සාරි ඇඳගෙනද?
ඔව් ඒ අයගේ අඩුපාඩු නිතර නිතර හොයලා අපේ බදු සල්ලි වලින් ඔවුන්ව නඩත්තු කරන්නනේ අපි ඔහේලාගේ කණ්ඩායම පාර්ලිමේන්තුවට යැව්වේ.
මේ ඉහළින් ඉන්න. පිළිතුරු ලියපු දෙන්නා. පළවෙනි වතාව දැක්කේ අගමැතිනි පන්සල් යනවා මයිනා. හැමදාම කට්ටිය පිරිවරන් උදේට පන්සල් ගිහින් කරඬුව ඔලුවෙ තියලා. හවසට හොරාකානවා. මේ ගොබ්බ පැට්ව් දෙන්නා. ඒකට කැමැති ඇති නේද? පොඩි පිරිකරක් පූජා කරන්න. බදුමුදල් අවශ්‍ය නැහැ. නාකි මයිනා ඉන්දියාවට යන්නේ. අර දේවාලයක් වහන්න... හැමදාම රජ පුටුවේ ඉන්න. ඒකට යන්නේ බදුමුදල් වලින්...