(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද? එහෙම නැතිනම් ජනතාවගේ රැකවලෙක් වෙන්න යනවාද කියා ප්‍රශ්නයක් තිබෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.
අග්‍රාමාත්‍යවරයාගේ ඉලක්කය විය යුත්තේ රට ගොඩ දැමීම විනා සමගි ජන බලවේගය දෙකට කැඩීම නොවෙි යැයිද අගමැතිවරයා පැහැදිලිවම ඒ කාරණය කිව යුතුව ඇතැයිද මරික්කාර් මහතා සඳහන් කළේය.
ඊට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා "ඔබතුමාට ඕන මම මෙතනට ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න කියලා කියන්න. මම ආවේ රට ආරක්ෂා කරන්න. රාජපක්ෂලා ඔවුන් ගැන බලාගන්න ඕන"යනුවෙන් පැවසීය ."මට කවුරුත් බේරන්න වැඩක් නෑ. නීතිය අනුව අපි ක්‍රියා කරන්නම්. දැක්කනේ මම ඊයේ කිව්වට පස්සේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා"යැයි ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලුරටම පෙළපාලිවලින් භීතියට පත්කරලා රටට එන සංචාරකයින් එපාවීම ඇතිකළ පක්ෂයක කතාවක්....! හෙණ්ඬුව අතේ තියෙන සවිබල දළ අලියා නැගිට්ට එකට කියවුණාද..?
ඒකත් බලමුකෝ... කොහේදෝ යන අය අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ. පුළුවන්නම් ජොනීවයි, මහින්දවයි අත්අඩංගුවට ගන්න බලන්න..
2015 -2019 කාලයේදී රනිල් කළේ රාජපක්ෂලා ආරක්ෂා කරපු ඵක තමයි. අනික තමන් කියන විට පොලිසිය මිනිසුන් අත්අඩංගවට ගන්නේ යැයි රනිල් පැවසීමෙහි තේරුම මොකක්ද? පොලීසිය මෙහෙයවෙන්නේ රනිල්ද?
මේ මොනවා කියවනවද මෙයා? එයා ඕක කරන්නේ 2010ට පෙර සිට...
ඔව් මහින්ද රැකගත යුතුයි. වැඩිකල් නොගොස් මහින්දව ඕනේ වෙනවා.