(නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තුව තුළ අග‍්‍රාමාත්‍ය තනතුරට හිමි සියලූම අයිතිවාසිකම් හා වරප‍්‍රසාද නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීමට කටයුතු කරන මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කතානායක කරූ ජයසූරිය මහතාට ලිපියක් මගින් අද (30) දැනුම්දී ඇත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කළ බවද මන්ත‍්‍රීවරයා එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
එබැවින් පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය තනතුරට හිමි සියලූම අයිතිවාසිකම් හා වරප‍්‍රසාද නව අගමැතිවරයා වෙත ලබදෙන මෙන් මහලේකම්වරයා කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අනේ එන්නකෝ පාර්ලිමේන්තුවට... ගෙදර ඉඳගෙනනේ ඉල්ලන්නේ...
ඔබතුමා පසුගිය කාලේ කටයුතුකල ආකාරයට අනාගත නායකත්වයට සුදුසුයි කියල හිතුණා. දැන් බලනවිට ඔබත් ඒකාධිපතිත්වයට ආවඩනවා. ප්රජාතන්ත්රවාදයක් නොමැති ඔබ නායකත්වයට නුසුදුසුයි
අනේ ඔව්, ඉක්මනට දෙන්න. බොහොම අහේනියෙන් හිටියේ මෙච්චර කල්...