
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හිට්ලර්ට සමාව බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.
ඊශ්‍රායලය ගාසා තීරයට නොකඩවා පහර දෙමින්, පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය, හිට්ලර් යුදෙව් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීම හා සමාන යැයි තුර්කි ජනාධිපති එර්දොවාන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදාව එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීන දරුවන් සහ කාන්තාවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට අණ දෙන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඇතුළු සියලු දෙනා ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට යොමු කළ යුතු බවත් තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
තුර්කි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අන්කාරා නුවර පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන හිට්ලර්ද...? අපේ ඉන්නේ සුපිරි බඩුවක්... කලිසම උස්ස උස්ස...!
යුදෙව් මිනීමරුවන් දැන් වසර ගණනාවක සිට පලස්තීන දරුවන් මරනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පලස්තීන ජනගහනය අඩුකිරීමේ ම්ලේච්ඡ ක්‍රියාදාමයයි. අපේ රටේ බහුතරයක් දෙනාට මේ ප්‍රශ්නය පිළිබඳව මනා අවබෝධයක් නැහැ. දෙවියන්ටත් අකීකරුවී දේව ශාපයට ලක්වූ ජාතියක්වන යුදෙව්වන් දවසක මේ ලෝකයෙන්ම තුරන්වෙනවලු. එදා එංගලන්තයේ ඇමැති කෙනෙක් සහ යුදෙව් මුදලාලි කෙනෙක් අතර ඇතිවුණු ගිවිසුමක් නිසා තමයි පලස්තීන ජාතිකයින්ට මේ විනාශය සිදුවූවේ...!
දැන් කිව්වනේ අපේ කලිසමා ... කලිසම උස්ස උස්ස ඉන්නවා..