(අංජුල මහික වීරරත්න)
ශුද්ධෝත්තම ප්රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතවරයකු වන වතිකානුවේ ප්රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී පැවැති බව අග්රාමාත්ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්රහාරය හා රටේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහ ශ්රී ලංකාවේ වතිකානු තානාපති, අගරදගුරු පියරේ ගුයෙන් වැන් ටොට් හිමියෝ ද සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd