(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර උපදෙස් ලබා දී තිබූ අතර එම වියදම් කපා හැරීම තමාට ද අදාළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
තම පෞද්ගලික නිවසේ පදිංචිව සිටින අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
මේ අතර යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ද රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය බවත් රාජකාරි කටයුතු සඳහා පමණක් අරලියගහ මන්දිරය පාවිච්චි කළ බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා ඕකට නොගියාට, ඕකට යන වියදම අඩුවෙන්නේ නැහැ... කරන්න තියෙන හොඳම දේ ඕක පාවිච්චි කරන්නේ නැතිනම් හෝටලයකට හරි, වෙනත් වාණිජමය කටයුත්තකට හරි කුලියට දීමයි.
මේ මහා රටේ විනාශය සියල්ලකටම වගකිව යුත්තේ මේ රනිල් තමයි. එදා යහපාලන බලය ගත්තු දවසේම මේ හිඟන හොරුන්ට විරුද්ධව නඩු අසා වහාම "අමුඩ ගස්සවා" කූඩුවට දැම්මා නම්... අද අපේ රටට මෙවැනි ව්‍යවසනයක් සිදුනොවීමට ඉඩ තිබුණා. මෙයා අරලියගහ මන්දිරේට නොයන්නේ "නරියා ගෝ ගම" බෝඩ් එක වදින නිසායි...
මෙයාට කොයිතරම් ආර්ථික දැනුම තිබුණත් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණත් ඵලක් නැහැ. 2005 සිට අද දක්වා රටින් නීති විරෝධීව පිටකළ ඩොලර් බිලියන තිහකටත් අධික ඩොලර් තොග නැවත භාණ්ඩාගාරයට පවරා ගන්නේ නැතුව. මහා ලොකුවට පම්පෝරි ගහනවා.. මම එයාට කතා කළා, මෙයාට කතා කළා, එයා මෙච්චර ඩොලර් දෙනවයි කිව්වා, මෙයා මෙච්චර ඩොලර් දෙනවයි කිව්වට වැඩක් නැහැ. ඔච්චර සම්බන්ධතා තියෙනවා නම්, රටින් නීතිවිරෝධීව පිටකළ ඩොලර් තොග නැවත අරන් පෙන්නන්න කෝ? රාජපක්ෂලාව ආරක්ෂා කරනවා මිස, මෙයාගෙන් රටට හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අරලියගහ මන්දිරයේ වියදම් කප්පාදු කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ... හොරා කාපු රටේ සම්පත් නැවත පවරා නොගත්තොත්...!
නොයන එක හොඳයි... නැත්තන් බඩු අදින්නත් කලින් අස්කරන්න වුණොත් ඒ වියදමත් අපි දරන්න එපැයි...!
වෙන මොන කෙරුමාවත් බාරගන්න පස්ස ගහපු අගමැතිකම බාරගෙන බයනැතිව තර්කානුකූලව රටේ තත්ත්වය හෙළිකිරීම තරම් අන් කිසිම දෙයක් වැදගත් නෑ. ටිකකලක් මෙතුමාට දීලා බලමු. අවුරුදු ගණනක් ගිලපු ලණු එක දවසින් දිරවාගන්න හදන්න එපා...!
ඕකට ගිය පෙර වතාවලවත් වැඩි කාලයක් ඉන්න ලැබුණේ නැහැ...
එහෙම කරන්නෙ කොහොමද?
ඉක්මණින්ම යන්ඩ ඔනෙ තැනට යවනව . දැන් ඇති බොරු ගැහුව.
මේ දිනවල ඉන්ධන සහ ගෑස් පෝලිම්වල ගත කරන්නා වූ පිරිස (ගම්පහ සහ කොළඹ අවට) සමග රටේ වර්තමාන තත්වය පිළිබඳව ඔවුන් දරන මතය විමසුවෙමි. මා කිසිවක් නොකියා ඔවුන්ට යොමුකළ පැනය වූයේ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින්නා වූ පිරිසට නැවත අවස්ථාවක් ලබාදෙමු යන්නයි. 98% පිරිස එයට දැඩි විරෝධයක් දැක්වූ අතර රටට නව දේශපාලන වෙනසක් වෙනුවෙන් ඉදිරි මැතිවරණයේදී තීන්දුවක් ගැනීමට සූදානම් බව ඔවුන් කියා සිටියේය. දෙවන පැනය වූයේ අලුත් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔවුන් දරණ මතය කුමක්ද යන්නයි... ඔවුන් කියාසිටියේ තරුණ පරපුර දේශපාලනය පිළිබඳ කලකිරී ඇති බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ අලුත් වෙනසක් නිසා සහ වෙනස කුමක්දැයි කියා පැහැදිලි නොවූවත් තරුණයින්ගේ ඉල්ලීමට මෙවර සහයෝගය දෙන බව ඔවුන් කියා සිටියේය. වර්තමානයේ සිටින්නා වූ පිරිස නැවත පැමිණියද වෙනසක් නොමැති බව ඔවුන්ගේ නිගමනය විය.
අගමැතිතුමා මතක තියාගන්න.. ඔබතුමා නොවැම්බර් විප්ලවය ජයග්‍රහණය කලේ අරලිය ගහ මැදුරේදි කියලා..!
උපරිම තව මාස දෙක තුනක් අගමැති වෙලා ඉඳීවි...
ඔය ටික දවසට මොකට ඕකට යන්නද?