(අංජුල මහික වීරරත්න)

අඟුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයට නව තාක්ෂණයෙන් යුත් සහල් මෝලක් ලබා දීමට චීනයේ  හයිනෑන් ප්‍රාන්ත රජය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

සහල්  නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් පවතින අතර  සහල් මිල තීරණය කරන්නේ එම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින්  බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අධිකාරය බිදීමට නම් රජය සතුව ඉහළ තාක්ෂණයෙන් යුත් සහල් මෝල් කිහිපයක්  ක්‍රියාත්මක කළ යුතු බව පැවසීය.

රජයට එම කාර්ය තනිවම කළ නොහැකි නිසා ජඳුර හා ගුරුවල තරුණ පිරිස යොදා ගනිමින් චීන සහල් සැකසීම් මධ්‍යස්ථානය සඳහා සමුපකාර වැඩ පිළිවෙළක් අපි සකස් කරන බව අමාත්‍යවරයා කීය.

චීන සහල් මෝල මගින් සමස්ත දකුණු පළාතේම නිෂ්පාදනය කරන වී සහල් බවට පත් කර රටපුරා බෙදා හැරීමට හැකි වන බව අමාත්‍යවරයා කීය.