
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.
අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ දිලීප ප්‍රබෝධ ගුණරත්න සහ ඔහුගේ බාල සහෝදරිය වන රත්තොට දන් කන්ද දන්කන්ද විද්‍යාලයේ (8) ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕසදි සෙව්වන්දි ගුණරත්න නැමැති අයයි.
මෙම සිදුවීම ඊයේ (29) වන දින සවස 6.30 පමණ සිදුව ඇති අතර දන්කන්ද ප්‍රදේශයට එදින සවස ඇදහැලුණු වර්ෂාවත් සමඟ අකුණු කිහිපයක් පතිත වී ඇති බවත් අවට නිවාස රැසකම විදුලි මීටර් හා විදුලි බල්බ රූපවාහිනී ඇතුළු උපකරණ රැසකටම හානි සිදුවී ඇති බව එම ප්‍රදේශවාසීහු සඳහන් කරති.
අනතුර සිදුවීමත් සමග අසල්වාසීන් එක්ව අනතුරට පත් වූ දියණිය හා තරුණයා රත්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල වෙත ඇතුළත් කරන විටත් අදාළ තරුණයා හා දැරිය මරණයට පත්වී ඇති බව රත්තොට රෝහල සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණු සැරින් අයියා නගෝ මරුට
Udhuli Tuesday, 30 April 2024 01:26 PM
බොහෝම දුක්ඛදායක මරණ. දරුවනි ඔබලාට නිවන්සුව ලැබේවා.
ශිලා Tuesday, 30 April 2024 05:57 PM
හරිම දුකයි! ඔයාලත් වහින වෙලාවට පරිස්සම් වෙන්න
සකුන් Tuesday, 30 April 2024 11:57 PM
කාටද කීවේ දේශපාලනය කරන මාමලටද.