IMG-LOGO

අ'පුර සිද්ධියේ කලහකාරීන් 8ක් මාට්ටු

(බී.ජී.චතුරංග)

අනුරාධපුර නගරයේ සහ ඒ අවට පසුගිය 4 දා රාත්‍රී කලහාකාරී අන්දමින් හැසිරෙමින් ඇමති නිවාස කාර්යාල  රථ වාහන කීපයකට පහර දීමේ සිද්දීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් අට දෙනෙකු අද දහවල් වන විට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගරය සහ ඒ අවට පදිංචි පුද්ගලයන් අට දෙනකු බවත්, එම සිද්ධීන්වලට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.

පසුගිය 4 වන දා පස්වරුවේ සිට පසුදා අලුයම වන තෙක් කලහාකාරී පිරිසක් අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, එස්. එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේමරත්න, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.බී සෝමදාස යන මහත්වරුන් ගේ නිවාස වලට සහ කාර්යාලවලටත් ප්‍රභූවරුන් යන එන දේවාලයක් පවත්වා ගෙන යන කාන්තාවකගෙ නිවසකටත් ගල් මුගුරුවලින් පහර දීම, කටවුට් ගිනි තැබීම, රථ වාහන වලට පහර දීම ඇතුළු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් සැක පිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (1)

අ'පුර සිද්ධියේ කලහකාරීන් 8ක් මාට්ටු

Prabha Wednesday, 06 April 2022 03:21 PM

දේවාලෙට ගැහුවා විතරයි... කපුවා නෑ..

:       3       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 407 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 979 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1358 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site