
(රොමේෂ් මධුෂංඛ)
තෛපොන්ගල් උදාවෙන් පසුව යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද දහවල් පැවැත්විණි.
යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනයේ සහ මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙලිය විග්නේස්වරා ජනසමූහ සමාජය විසින් සංවිධානය කර තිබිණි.
වෙහෙසට පත් වූ ගොවියාගේ හා ධීවරයාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සම්ප්‍රදායක් ලෙස සරුංගල් සැණකෙලිය පවත්වන බැවට යාපනය වැල්වැටිතුරෙයි ජනතාව පැවසීය.
කෙසේ වෙතත් පසුගියදා ලොවම කතාබහට ලක් වූ ටයිටන් සබ්මැරීනය ආදි විවධ මාතෘකා යටතේ කරත්ත, මාළිගාවන්, සත්ව රූප ආදී විවිධ අනුරූ ආකාරයට ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කොට තිබිණ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ තලයේ නි්ර්මාණ රැසක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා මෙසේ හෝ අපට දැක බලාගැනීමට සැලසීම පිළිබඳව ලංකාදීප පුවත්පතට ස්තුතියි. මෙම නි්ර්මාණ කරුවන්ට විදේශ රටවල තරගවලට සහභාගි වීමට කිසියම් ආයතනයක් අනුග්‍රාහකත්වය දක්වන්නේ නම්, එය ඔවුන්ගේ කුසලතාවලට කදිම පිටිවහලක් වනු ඇත.
සුපිරිම සුපිරී .ඇත්තටම පුදුමයි .මෙහෙම ඒවා කරන්න පුලුවන්ද කියලා.මේක මාර කලාවක් .ජාත්‍යන්තරයට ගෙනියන්න උත්සාහ කරන්න ඕනේ බලධාරීන් .මේකට ජාතික වැදගත්කමක් දෙන්න ඕනේ.හද පිරි ප්‍රණාමය