IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance  ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින මුල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත වී තිබේ.

පසුගිය මුල්‍ය වර්ෂයේ ආසන්න වශයෙන් මිලියන 350 ලාභයක් සහ බිලියන 20 වැඩි මුල්‍ය වත්කම් වර්ධනයක් සමග අසමසම මුල්‍ය ජයග්‍රහණ අත්පත් කරගෙන තිබේ. ඉලක්කගත ක්‍රියාත්මකවීම් සහ මුදල් පූර්ණය කරගැනීමේ උපායමාර්ගික එළඹුම් සාර්ථක කරගැනීම් හරහා  ආයතනය, තමන්ගේ මුල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගනිමින් අනාගතයට තිරසර වර්ධනයක් අත්පත් කරගැනීමට අවශ්‍ය මාවත සකස් කරගෙන තිබේ.

සිය 43 වැනි සංවත්සරය වෙනුවෙන් Orient Finance  ආයතනය, කඑතර දිස්ත්‍රික්කයේ රුක් රෝපණ ව්‍යාපෘති සඳහා පැල 7500කින් දායකත්වය ලබාදී තිබේ. මෙම මූලිකත්ව වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පාසල් සහ ප්‍රජා සංවිධාන වලට සහයෝගය ලබාදෙමින් යගිරල, රෑණකන්ද සහ හේකොක් වනාන්තර ප්‍රදේශයන්ගේ වන වගාව ව්‍යාප්ත කිරීමට දිරිදෙයි.

බස්නාහිර පළාතේ වර්ග කිලෝ මීටර් 1598 ආවරණය කරන කළුතර දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන ජල ධාරා වන කළු ගඟ, පානදුර ගඟ, බෙන්තොට ගඟ ආදීයෙන් පෝෂීතව සහ කිලෝ මීටර් 40ක දිග වෙරළ තීරයකින් සමන්විතව පවතී. ස්වාභාවික මූලයන්ගෙන් අනූන මෙම දිස්ත්‍රික්කයේ වනාන්තර වැස්ම සියයට 9ක් තරම් අසාමාන්‍ය ලෙස පහළ අගයක පවතී. මෙම වන වගා ව්‍යපෘතියවලින් එම පළාතේ වනාත්තර ගහනය වර්ධනය කර නායයාම්, පාංශූ ඛාදනය සහ වන විනාශය වළක්වා ගැනීමට අවස්ථාව සැලසෙයි.

වනජීවි දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ බස්නාහිර පළාතේ ඉඩම් කොමිසම සමග ඒකාබද්ධ වී පළාතේ පහත් බිම් හරිත කලාප සහ කඩොලාන වන වගා ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණයට Orient Finance  ආයතනය කැපවෙයි. මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන්නේ පරිසර සංරක්ෂණය උදෙසා සිය දායකත්වය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ඇගයීමට පාත්‍ර වූ මිහිජය පාරිසරික සංවිධානයයි.

මෙම  අවස්ථාවේ දී සිය අදහස් දැක්වූ Orient Finance  ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා මෙසේ පැවසීය. “43 වන සංවත්සරය සමරන මේ මොහොතේ දී අප ලබා තිබෙන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ අප සතු විශේෂඥතාවය සහ  ස්ථායීතාව පිළිබඳව මනා පිළිබිඹුවකි. දශක 4කට වැඩි මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ විවිධ ආර්ථික සහ වෙළඳපොළ ප්‍රවණතා අවබෝධ කරගනිමින් සහ ඒවාට නිවැරදිව මුහුණදෙමින් ආයතනයක් ලෙස අද අප ස්ථාවරව ගොඩනැගෙන්නට අපට හැකියාව ලැබුණා.

එමෙන්ම පාරිභෝගිකයා කෙන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු අපේ ආයතනික දැක්ම තුළින් මනා මුල්‍ය ස්ථාවරත්වය අත්පත් කරගැනීමට සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබීම මෙතෙක් අප ආ ගමන් මග පිළිබඳ මනා සහතිකයක් වෙනවා. මෙම දීර්ඝ කාලීන ස්ථාවරත්වය නිසා අප පිළිබඳ පිළිගැනීම, විශ්වාසය ඇති වූවා සේම අපට තව තවත් වර්ධනය වීමට සහ ව්‍යාප්තවීමට ශක්තිමත් පදනමක් වුණා. සුපුරුදු පරිදි අනාගතය දකින ආයතනයක් ලෙස අපේ අරමුණ වී තිබෙන්නේ අපේ හැකියාවන් වර්ධනය කරගැනීමට මෙන්ම නව අවස්ථාවන් ව්‍යාප්ත කරගන්නා ගමන් අපගේ මූලික වටිනාකම් සමග සිටිමින් නව්‍ය සහ ආචාර ධාර්මික මුල්‍ය විසඳුම් ජනතාවට ලබාදීමයි.“

(සී මුණසිංහ)



අදහස් (0)

Orient Finance 43 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

දියත

ජාතිවාදය ආගම් වාදය හදන මාධ්‍ය නිදහසට ඉඩ දෙන්නේ නෑ
2024 දෙසැම්බර් මස 04 288 0

උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය වාර්තා කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්


මෝටර් රිය දුම්රියේ ගැටී එකම පවුලේ 4ක් රෝහලේ
2024 දෙසැම්බර් මස 04 184 0

මාගාල්ල ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ දි ගාල්ල සිට බෙලිඅත්ත බලාධාවනය වෙමින් තිබු දුම්රියක කාර්රථයක් ගැටිමෙන් කාර්රථයේ ගම


කාලගුණයේ නිල වෙබ් අඩවිය හැක් කරලා
2024 දෙසැම්බර් මස 04 114 0

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබේ.


නිධානයකින් ගත්බව කියන පිළිමයක් සමඟ අයෙක් අල්ලයි
2024 දෙසැම්බර් මස 04 548 0

නිධානයකින් ගොඩ ගන්නා ලද බවට සැකකරන බුදු පිළිමයක් සමඟ පුද්ගලයකු රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


එළවලු ලොරි පෙරැළි අධිවේගය අවහිර වෙයි
2024 දෙසැම්බර් මස 04 744 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුඳුගහ හැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53 දශම 3 දි අද (4) අලුයම එලවලු පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ


ලියුම් බෙදන්නා හෙරොයින් සමඟ මාට්ටු
2024 දෙසැම්බර් මස 04 475 0

කොටහේන ප්‍රධාන කාර්යාලයේ ලියුම් බෙදන්නා රුපියල් ලක්ෂ 20කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 62 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 664 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 840 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site