IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම  ජයග්‍රහණයෙන් වැඩසටහනේ ප්‍රවේශය ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40 ක් දක්වා ව්‍යාප්ත කරන අතර, දිවයින පුරා පාසැල් සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා උදෙසා LOLCහි කැපවීම අවධාරණය කරයි.                       

දිවි සවිය මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව සිහිපත් කළ ඛධඛක්‍ හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම වැඩසටහන දියත් කරනු ලැබුවේ ශ්‍රී ලාංකික පවුල් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝග නිර්මාණය කළ ආර්ථික අර්බුදයේ සහ වසංගතයේ බලපෑමෙන් පීඩාවට ලක්ව සිටි තීරණාත්මක අවස්ථාවකයි. 

ඉහළ යන වියදම් හමුවේ බොහෝ පවුල්වලට අත්‍යවශ්‍ය පාසැල් උපකරණ සඳහා පවා  තවදුරටත් වැය කිරීමට නොහැකි වූ අතර, ඔවුන්ට සිය නිවෙස් තුළ දුෂ්කර තීරණ වලට එළඹීමට සිදුවිය. ඇතැම්විට දරුවන් කිහිප දෙනකු සිටින පවුල්වලට මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් පාසලට යැවිය හැකි වූයේ එක් දරුවකු පමණි. පාසැල් පැමිණීමේ අනුපාතය පහත වැටුණි. ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම සහ සම්පත් හිඟකම හේතුවෙන් පිටිසර ගම්මානවල කුඩා පාසැල් වැසී යාමේ තර්ජනයකට මුහුණ දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කපිල ජයවර්ධන මහතා මෙසේද සදහන් කළේය. “දැවැන්ත අවශ්‍යතාවක් මතුවූ මෙම කාලය තුළ ඛධඛක්‍ දිවි සවිය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා තීරණාත්මක ආධාරක පද්ධතියක් ලෙස ඉස්මතු විය. මෙම වැඩසටහන අතිවිශාල පවුල් සංඛ්‍යාවකට සහ සිසුන්ට ජීවන මාර්ගයක් විය.

දිවි සවිය මගින් සිසුන්ගේ පැමිණීම ඉහළ නැංවීම, අධ්‍යයන කටයුතු සඳහා නව උද්යෝගයක් ඇති කිරීම සහ මවුපියන්ගේ මූල්‍යමය බර අඩු කිරීමෙන්  අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කළේය. පාසැල් උපකරණ වල හිඟය හෝ තමන් හුදකලා වී ඇති බවට හැඟීමක් බොහෝ සිසුන්ට නොදැනුනේ ඔවුන්ගේ සම පන්ති වල සියලු‍ම මිතුරන්ට එකම උසස් තත්වයේ පොත් සහ පාසැල් උපකරණ ප්‍රතිලාභය ලැබීමෙනි. සමානාත්මතාව පිළිබඳ මෙම හැඟීම සියල්ලන්ගේ සහභාගීත්වය සහිත වඩාත් ආකර්ෂණීය පරිසරයක් පන්ති කාමර තුළ නිර්මාණය කළේය. දිවි සවිය වැඩසටහනෙන්  බොහෝදෙනා තුළ අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ස්ථාපිත කර ඇති අතර ඉදිරි වසර ගණනාවක් පුරා පවතින ධනාත්මක රැල්ලක් ගොඩනංවා තිබේ.    

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ආයතනයක් බුහුමන් ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසර මුලදී  ඛධඛක්‍ වෙත ජාතික පිළිගැනීමක් පිරිනමනු ලැබීය. මෙම පරිවර්තනීය ගමන් මගේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන LOLCසාඩම්බරයට පත්වන අතර සෑම දරුවකුටම තම අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවස්ථාව  සහතික කරමින් ඉදිරි පරම්පරාවට සහයෝගය දැක්වීමට කැප වූ ශ්‍රී ලාංකේය සමාගමක් වීම ගැන නිහතමානී වෙමු. දිවි සවිය තුළින් අපට ජාතිය නඟාසිටුවීමටත්, වඩාත් අවශ්‍යතවන් ඇති අයට තිරසාර බලපෑමක් ඇති කිරීමටත් හැකිවී තිබේ.”

2023 වසර මුලදී දියත් කරන ලද ‘දැයේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්‘ වැඩසටහන කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්වී තිබේ. වැඩසටහන ආරම්භ කරන ලද්දේ පාසැල් 1400 කට අධික සංඛ්‍යාවකට අත්‍යාවශ්‍ය පාසැල් පොත්පත් උපකරණ බෙදාදෙමිනි. ඊළඟ අදියරේදී එය පාසැල් 1,500 කට ව්‍යාප්ත කෙරුණු අතර, තුන්වැනි අදියර සම්පූර්ණ කිරීමත් සමඟ තවත් පාසැල් 1,200 කට සහය වීමට හැකිවිය. මේ සඳහා මුළු ආයෝජනය රු. බිලියන 2.5 කි.

(සී මුණසිංහ‍)



අදහස් (0)

LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 251 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 73 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 276 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 675 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 384 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 700 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1393 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 356 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site