IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


IMF හයවැනි වාරිකයත් නිදහස් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සයවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශයේදී අද කැඳවූ පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම එකඟතාව පළ කර ඇත.

එම සමුළුවට මෙරට සිටින විදේශ දූත මණ්ඩල, ද්වී සහ බහු පාර්ශ්වික හවුල්කරුවන් සහ ණය දෙන නියෝජිත ආයතන සහභාගී වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හයවැනි වාරිකය නිදහස් කිරීමත් මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.082 දක්වා ඉහළ යනු ඇත. මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කර අනුමැතිය ලබාදීම සඳහා විධායක කමිටුව එළැඹෙන 15 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි.

මෙරට වත්මන් තත්වය පිළිබඳව සමාලෝචනය කිරීමටත්, ඉදිරි ගමන්මග තීරණය කිරීමටත්, දිට්වා සුළි කුණාටුවෙන් පසුව නැවත ගොඩ නැගීමේ කටයුතු, මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සැපයීම සම්බන්ධීකරණය කිරීමටත් මුදල් අමාත්‍යාංශය මෙම පරිත්‍යාගශීලින්ගේ සමුළුව කැඳවා තිබිණි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් මෙම සමුළුව පවත්වා ඇත.

 

 



අදහස් (0)

IMF හයවැනි වාරිකයත් නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6116 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 344 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site