DSI ටයර්ස් සමාගම SLIM Brand Excellence-2021 සම්මාන උළෙලේදී විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍ර රැසක සමාගම් රැසක් සමඟ තරඟ කර Local Brand of the year රීදී සම්මානයෙන් සහ Product Brand of the Yearලෝකඩ සම්මානයෙන් මෙන්මSLIM DIGIs 2.1 සම්මාන උළෙලේදී Best SEO/SEM Campaign රිදී සම්මානයෙන්ද, Best digital marketing campaign in Automotive/ Industrial Manufacturingලෝකඩ සම්මානයෙන්ද පිදුම් ලැබීය.
මීට පෙරද SLIM Brand Excellence සහSLIM DIGIs සම්මාන රැසක් දිනා ගැනීමට DSI ටයර්ස් සමාගම සමත් විය. SLIM Brand Excellence සහ SLIM DIGIs සම්මාන උත්සව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම පිළිගැනීමක් සහිත, තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප්‍රදානෝත්සව ලෙස සැලකෙයි. පසුගියදා මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේ පැවැති විචිත්‍රවත් සම්මාන උත්සවවලදී DSI ටයර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා සම්මාන ලබා ගත්තේය.
DSI ටයර්ස් පාරිභෝගික අවශ්‍යතා කාලානුරූපීව හඳුනා ගනිමින් නවීන තාක්ෂණය භාවිත කරමින් අඛණ්ඩ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාදාමයක් ඔස්සේ පරිසර හිතකාමී අයුරින් සිය සන්නාමය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම දේශීය ටයර් සමාගමක් වීම මෙම අඛණ්ඩ ජයග්‍රහණවලට හේතු විය. පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් අන්තර්ජාල ඇණවුම් ඔස්සේ ටයර් නිවසටම ගොස් සවි කිරීම සේම ආකර්ෂණීය ඩිජිටල් මාධ්‍ය භාවිතය නිසා අන්තර්ජාල වෙළෙඳපොළේදDSI ටයර්ස් අතිශය ජනප්‍රිය වෙමින් පවතී. DSI ටයර්ස් සමාගම සන්නාමයේ ගුණාත්මකභාවය පිළිබඳව හා ඩිජිටල්කරණ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. නවීන තාක්ෂණය සහ නූතන අලෙවිකරණ සංකල්පවලට අනුගත වෙමින් කටයුතු කිරීම ජාතික සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට හේතුවයි.” කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. වසර 39කට වැඩි ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන සැම්සන් රබර් කර්මාන්ත ආයතනය රටවල් 75කට අධික ගණනකට ටයර් අපනයනය කරමින් සහ දේශීය වෙළෙඳපොළේ බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කෘෂි කාර්මික ටයර් සහ ටියුබ් අලෙවි කරමින් ඉතා ඉහළ වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි.
-සටහන- චම්න්ද මුණසිංහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
DSI ටයර්ස් SLIM සම්මාන රැසකින් පිදුම් ලබයි