IMG-LOGO

DFCC බැංකුවෙන් සාර්ථක මුල්‍ය ප්‍රතිඵල

DFCC සමූහයේ විශාලතම සමාගම වන DFCCබැංකුව, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 4,326ක බදු-පෙර ලාභයක් සහ රු. මිලියන 3,222ක බදු-පසු ලාභයක් වාර්තා කර ඇත. මීට සාපේක්ෂව පසුගිය වසරේ බදු-පෙර ලාභය රු. මිලියන 3,398 ක් වූ අතර, බදු-පසු ලාභය රු. මිලියන 2,388ක් විය.

DFCC සමූහය 2021 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රු. මිලියන 4,859 ක බදු-පෙර ලාභයක් සහ රු. මිලියන 3,665 ක බදු-පසු ලාභයක් වාර්තා කර තිබේ. පසුගිය වසරේ මෙම අගයන් පිළිවෙළින් රු. මිලියන 3,994 ක් සහ රු. මිලියන 2,847 ක් විය. සමූහයේ සියලු‍ම සාමාජික සමාගම් මෙම ප්‍රතිඵල සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී තිබේ.

බැංකුවේ කොටසක් සඳහා මූලික ඉපැයුම, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රු. 10.14ක් ලෙස වාර්තා වී ඇත. මෙය පෙර වසරේ වාර්තා වූ රු. 7.83ට සාපේක්ෂව සියයට29ක වර්ධනයකි.

බැංකුවේ කොටස් මත ප්‍රතිලාභය 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සියයට4.93ක් ලෙස වාර්තා වූ අතර, එය මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේ දී සියයට6.55 දක්වා වර්ධනය වී තිබේ. බැංකුවේ බදු-පෙර වත්කම් මත ප්‍රතිලාභය ද 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ වාර්තා වූ සියයට0.78ට සාපේක්ෂව මෙවර සියයට0.91 දක්වා ඉහළ ගොස් ඇත.

නව මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිමල් පෙරේරා මහතා මෙසේ පැවැසීය.

“DFCC බැංකුව සෑම විටම ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, වගකීම් සහගත ලෙස ව්‍යාපාර කටයුතු සිදුකරමින්, පැහැදිලි අරමුණු සහිතව ලාභ උපයා ගැනීමට කටයුතු කරනවා. පාරිභෝගික කේන්ද්‍රීය සහ, පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස, ගනුදෙනුකරුවන්ගේ ස්ථාවරත්වය සඳහා අත්වැලක් වෙමින්, විශිෂ්ටතම තලයේ පාරිභෝගික අත්දැකීමක් සමග උපරිම වටිනාකම් තිළිණ කිරීම අපගේ අරමුණයි.

අපගේ ප්‍රකාශිත දැක්මට සමගාමීව, අතිනවීන මූලික බැංකුකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අප පියවර ගත් අතර, මෙය 2021 ඔක්තෝබර් මාසයේ දී ක්‍රියාත්මක කරනු ලැබුවා. දැවැන්ත හා සංකීර්ණ ව්‍යාපෘතියක් වන මෙය ක්‍රියාවට නැංවීමේ දී අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දීමට අපට සිදු වුණු අතර, එහිදී අප සමග අවබෝධයෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ අපගේ සියලු‍ම ගනුදෙනුකරුවන්ට අපගේ අවංක ස්තූතිය සහ කෘතඥතාව හිමි විය යුතුයි. ඔවුන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා දියුණු හා ඩිජිටල් තාක්ෂණික පද්ධති භාවිතයට ගැනීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මතුවී ඇති පෙර නොවූ විරූ අභියෝග හමුවේ පවා, ගනුදෙනුකරුවන්ට බලපා ඇති අයහපත් සමාජ-ආර්ථික තත්ත්වයන්ට එරෙහිව කටයුතු කරමින්, විශේෂයෙන් සකස් කළ මූල්‍ය විසඳුම් හරහා ඔවුන්ට අත්වැලක් වීමට DFCC බැංකුවේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඉදිරියටත් ආරක්ෂාවට මුල්තැන දෙන බැංකු සේවා හඳුන්වා දීමත්, එම මූලධර්මයන් අනුව අපගේ අභ්‍යන්තර ක්‍රියාවලි හැඩගස්වා ගනිමින් ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට වූ සේවාවක් ලබාදීමත් අපගේ ඉලක්කයයි.

සභාපති ජේ. දුරෙයිරත්නම් මහතා


අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා



අදහස් (0)

DFCC බැංකුවෙන් සාර්ථක මුල්‍ය ප්‍රතිඵල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 516 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 945 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site