IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


Centrum මැරීන් නවීන සංකල්පීය මූලස්ථානය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrumමැරීන් කන්සල්ටන්සි ආයතනය නව්‍ය සංකල්පීය ගොඩනැංවීම් සහිත සිය මූලස්ථාන ගොඩනැගිල්ල අංක 446, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03 ස්ථානයේ '446 Centrum Haus' නමින් පසුගියදා විවෘත කරන ලදී.

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සුබ මොහොතින් මෙම මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත වූ අතර, Centrum මැරීන් කන්සල්ටන්සි ආයතනයේ නිර්මාතෘ/ කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා මහතා, තානාපති සේවාවේ ප්‍රභූන්, විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු ආයතනයේ සේවක මණ්ඩලය මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී විය.

නවීන අංගෝපාංග සහිතව, සියලු පහසුකම්වලින් පරිපූර්ණව නව්‍ය ගෘහ නිර්මාණ සංකල්පයකට අනුව නිමැවූ මෙම ගොඩනැගිල්ල තුළින් සාගර වෘත්තීය මානව සම්පත් කළමනාකරණයට නව ප්‍රවේශයක් විවර වෙයි. ගෝලීය නැව් හිමිකරුවන් සහ කළමනාකාරවරුන් මුහුණදෙන බඳවාගැනීම්, ස්ථානගත කිරීම් සහ වෘත්තිකයන් පවත්වාගැනීම් ආදී වූ සංකීර්ණ මානව සම්පත් අභියෝග සියල්ලටම විසඳුම් සොයාගැනීමට සහ ඒවා විශේෂඥ වෘත්තීයභාවයකින් හැසිරවීම සඳහා මෙම ස්ථානයේ සියලු පහසුකම් ගොඩනංවා ඇත.

ලොව පිළිගත් නැව් සමාගම් විශාල ප්‍රමාණයක ශ්‍රී ලාංකීය සමුද්‍ර වෘත්තීයවේදීන් 16000කට අධික ගණනක් සක්‍රීයව සේවය කරන අතර එම සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඉදිරියට ඇදෙයි. සමුද්‍ර වෘත්තීයවේදීන් පිළිබඳ සැළකීමේ දී වඩාත් ඉහළ වෘත්තීයභාවයක් සහිත විශ්වාසනීය වෘත්තිකයන් සිටින රටක් ලෙස සියලු දෙනාගේ විශ්වාසය වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. සාගර වෘත්තීය අධ්‍යාපනය සහ ඊට අදාළ වූ යටිතල පහසුකම් වර්ධනය වීම මෙන්ම ඉහළ පුහුණුකිරීම් ක්‍රියාවලිය නිසාම ශ්‍රී ලාංකික සමුද්‍ර වෘත්තීයවේදීන් ලෝකයේ සිටින ඉහළම තලයේ වෘත්තිකයන් ලෙස ලොව පුරා ඇගයීමට ලක්වී තිබේ.

2020 දී කාලිංග ද සිල්වාගේ සංකල්පයක් මත ගොඩනැංවූ Centrumමැරීන් කන්සල්ටන්සි ආයතනය නාවික මානව සම්පත් සේවා ලබාදෙන අතර වසර 45කට වැඩි වෘත්තීය අත්දැකීම්වලින් සැදුම්ලත් කණ්ඩායමක් මෙහි මෙහෙයුම් කටයුතු සිදුකරයි.

595

 

 



අදහස් (0)

Centrum මැරීන් නවීන සංකල්පීය මූලස්ථානය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1047 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site