IMG-LOGO

CL සිනර්ජි SLAMERP හි ප්‍රසාදය ලත් සැපයුම් සහකරු වේ

වර්ෂ 2022 සඳහා ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත.

මින් පෙර 2019 - 2020 වසර සඳහා ද CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම්කරුවා ලෙස කටයුතු කර ඇති අතර, එහි දී CL Synergy සමාගම ලබාදුන් අතිවිශිෂ්ට සේවය පිළිබඳව තෘප්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම පත් කිරීම කිරීමට SLAMERP කටයුතු ඇත.

ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් ක්ෂේත්‍රය තුළ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් සිය පාරිභෝගිකයන්ට සහ පාර්ශ්වකරුවන්ට ශක්තියක් වීම CL Synergy සමාගමේ අරමුණයි. පසුගිය වසර කිහිපය තුළ SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස සිය සේවා කාලය සාර්ථකව අවසන් කර ඇති CL Synergy සමාගම, ශ්‍රී ලංකාගේ අපනයන ක්ෂේත්‍රය වෙත කාර්යක්ෂම, විශ්වසනීය සහ පූර්ණ සැපයුම් සේවාවන් හඳුන්වාදීම වෙනුවෙන් මේ වසරේ දී ද පෙරමුණ ගැනීමට සූදානමෙන් සිටී.

CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා මෙම සහයෝගීතාව පිළිබඳව මෙසේ පැවැසීය.

“ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමගේ ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස නැවත වරක් පත්වීමට ලැබීම අප සමාගමට විශාල ගෞරවයක්. CL Synergy සමාගම ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය ස්ථාවරව සංවර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන සමාගමක් විදියට හඳුන්වා දීමට පුළුවන්. SLAMERP සමාගම සමග පවත්නා අපගේ අන්‍යෝන්‍ය සබඳතාව, සාම්ප්‍රදායික භාණ්ඩ ප්‍රවාහන සේවාවලින් ඔබ්බට යමින් එම ක්ෂේත්‍රය වෙත නවතම සේවා හඳුන්වා දෙන ප්‍රමුඛතම සමාගමක බවට පත්වීමට අපට ඉතා ප්‍රයෝජනවත් වුණා. 2022 වසරේදීත් SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම්කරුවා විදියට පත්වීමට ලැබීම අපගේ ස්ථාවරත්වය වගේම කැපවීමත් කිහිප ගුණයකින් වර්ධනය කිරීමට සමත් වුණා.”‍

-සටහන- චමින්ද මුණසිංහ

ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමේ (SLAMERP) සභාපති රවී දද්ලානි

CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා



අදහස් (0)

CL සිනර්ජි SLAMERP හි ප්‍රසාදය ලත් සැපයුම් සහකරු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site