IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


CBL SMART AGROඇප් මෘදුකාංගය හඳුන්වා දෙයි

ඩිජිටල්කරණය සහ තාක්ෂණය භාවිත කරමින් සිය සැපයුම් දාමය හා බැඳුණු අනාගත අවදානම් කළමනාකරණය කරගැනීමේ තවත් එක් පියවරක් ලෙස SMART AGRO ඩිජිටල් ඇප් මෘදුකාංගය එළිදැක්වීමට CBL සමූහය පසුගියදා කටයුතු කළේය.

නොමිලේ බාගත හැකි මෙම ඇප් මෘදුකාංගය හරහා අලු‍ත් ගොවීන්ගේ ලියාපදිංචි කටයුතු මෙන්ම එසේ ලියාපදිංචි වූ ගොවීන්ට ණය පහසුකම් ලබාගැනීම, කොන්ත්‍රාත් කොන්දේසි කළමනාකරණය මෙන්ම CBLකෘෂි ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහය එසැණින් ලබා ගැනීම ආදී සේවා රැසක් පහසුවෙන් ලබා ගත හැකිය.

වර්ධනය වන ඉල්ලු‍මට සාපේක්ෂව, CBL ආහාර අමුද්‍රව්‍ය සපයාගැනීමේ ක්‍රියාවලිය ද ගෙවුණු වසර කිහිපය තුළ ප්‍රසාරණය වී ඇත. එහිදී අමුද්‍රව්‍ය සපයා ගැනීම ආශ්‍රිත විනිවිදභාවය සහ අඛණ්ඩ සන්නිවේදන කටයුතු වෙනුවෙන් අතිශය වැදගත් පියවරක් ලෙස මෙම ඩිජිටල් ඇප් මෘදුකාංගය හඳුන්වාදීම පෙන්වා දිය හැකි බව එම සමාගම සඳහන් කරයි.

″SMART AGRO ව්‍යාපෘතිය මගින් අපගේ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් දාමය මුහුණදෙන අවදානම් තත්ත්ව කිහිපයකට විසඳුම් සපයනවා. විශේෂයෙන්ම ගොවි ප්‍රජාවට තම අස්වනු ඵලදායීත්ව ඉහළ නංවමින් වැඩි ලාභයක් අත්කරගැනීමට අවශ්‍ය වැදගත් කළමනාකරණ තීරණ ගැනීමට මෙම ඇප් මෘදුකාංගය උපකාරී වෙනවා ’’යනුවෙන් CBL සමූහයට අනුබද්ධිත ප්ලෙන්ටි ෆුඩ්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ - කෘෂි ව්‍යාපාර සංවර්ධන, ආචාර්ය රුක්ෂාන් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

CBL SMART AGROඇප් මෘදුකාංගය හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site