IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


CA ශ්‍රී ලංකා වෙතින් වංචාවට හා දූෂණයට එරෙහිව සුවිශේෂී පාඨමාලාවක්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA ශ්‍රී ලංකා), ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් Association of Certified Fraud Examiners (ACFE) සමඟ අත්වැල් බැඳගනිමින්, මූල්‍ය වංචාවට හා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මූල්‍ය වෘත්තිකයන්ට සහයෝගය ලබා දීමේ අරමුණින් ගෝලීය පාඨමාලාවක් හඳුන්වා දීම පසුගිය දා සිදුකෙරිණි.  

ව්‍යාපාරික ලෝකය තුළ සිදුවන වංචා හා දූෂණ මැඩලීම වෙනුවෙන් වර්තමානයේදී දක්නට ලැබෙන සුවිශේෂී සුදුසුකමක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙන ‘සහතිකලත් වංචා පරීක්ෂක‘ සුදුසුකම පිළිබඳ පාඨමාලාව කොළඹ දී පැවැත්වුණු විශේෂ උත්සවයක දී එළිදැක්වුණු අතර, CA ශ්‍රී ලංකා  සභාපති සංජය බණ්ඩාර,  උපසභාපති හේෂණ කුරුප්පු, හිටපු සභාපති ජගත් පෙරේරා සහ ප්‍රධාන විධායක නිලධාරිණී දුලානි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඊට සහභාගි වූහ.

ACFE යනු ලොව වංචා විරෝධී විශාලතම සංවිධානය ලෙස හැඳින්විය හැකි අතර, වංචා වැළැක්වීම සඳහා පුහුණුව සහ අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛතම ආයතනය ද වේ.  වර්තමානය වන විට, ACFE විසින් ලොව පුරා ව්‍යාපාරික වංචා අවම කිරීම සඳහා සාමාජිකයන් 90,000 කට අධික සංඛ්‍යාවක් පුහුණු කර ඇති අතර, ඔවුහු එම වෘත්තීය ක්ෂේත්‍රය පිළිබඳව  විශ්වාසය දිනාගනිමින්, ආයතනික වංචා හා දූෂණ වැළැක්වීම පිළිබඳව ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

ආයතනවල ආරක්ෂකයන් ලෙස සැලකෙන වරලත් ගණකාධිකාරීවරුන් සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙවැනි සුදුසුකමක් ලබා දීමෙන් ආයතනික ආරක්ෂාව තහවුරු කරගත හැකි අතර, එමඟින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොව පුරා දිනෙන් දින වර්ධනය වන ආයතනික වංචා හා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වරලත් ගණකාධිකාරීවරුන්ට  ශක්තිය ලබා දෙයි.   

-සටහන- චම්න්ද මුණසිංහ



අදහස් (0)

CA ශ්‍රී ලංකා වෙතින් වංචාවට හා දූෂණයට එරෙහිව සුවිශේෂී පාඨමාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site