
ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treadingසහ අපනයන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
AMWසමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට මෝටර් රථ අලෙවිය සහ සේවාල ලිහිසි තෙල්ල බැටරිල ටයර් සහ මූල්‍ය සේවා දක්වා සිය සමාගමේ කටයුතු ව්‍යාප්ත කර තිබෙන අතර Nissan, Yamaha, Suzuki, Renault, සහ Castrol වැනි සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම රැසක මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලබයි.
2008 වසරේ ජූලි මාසයේ සිට AMW සමාගම එක්සත් අරාබිය පදනම් කරගත් මෝටර් රථල ඉලෙක්ට්‍රොනික් උපකරණ, රක්ෂණ, දේපළ වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම ආදී විවිධ අංශ ඒකාබද්ධ වූ ගෝලීය වාණිජ හා කාර්මික සමූහ ව්‍යාපාරයක් වන Al-Futtaimසමාගමට අනුබද්ධිත Al-Futtaim Engineering (AFE) යටතේ ක්‍රියාත්මක වේ.
අලෙවිකරණයල විකුණුම්ල උපාය මාර්ග සහ අලෙවියෙන් පසු සේවාව පිළිබඳව වසර 26කට නොඅඩු මනා පළපුරුද්දක් සහිත Bonthuysමහතාට BMW, Jaguar, Land Rover, Volvo සහ Lucid Electric Vehicles වැනි සුඛෝපභෝගී මෝටර් රථ සන්නාම පිළිබඳ පුළුල් පසුබිමක් තිබෙන අතර Honda, Ford, Mazda, Nissan, Renault, සහ Suzuki වැනි ප්‍රධාන සන්නාම පිළිබඳව මෙන්ම BMW, Hondaසහ Yamaha ඇතුළු යතුරුපැදි සන්නාම පිළිබඳව ද අත්දැකීම් රැසක් ඔහු සතුවේ.
ඵලදිය් නායකත්වයක් සහ උපාය මාර්ගික දැක්මක් පිළිබඳ ශක්තිමත් ඉතිහාසයක් Bonthuysමහතා සතුව ඇති අතර ඔහු AMW වෙත නව්‍ය ජීවයක් ලබාදීමට අපේක්ෂා කරයි AMWහි ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රතිනිර්මාණය කිරීමට මෙන්ම එහි වෙළෙඳපොළ තත්වය ශක්තිමත් කිරීමේදී විවිධ වෙළෙඳපොළ වෙත පිවිසීම සහ අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් ඔහු සතු විශේෂඥ දැනුම බෙහෙවින් ඉවහල් වේ.
-595
2025 නොවැම්බර් මස 21
33
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor