කොළඹ 13, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79 ක් වයසැති කාන්තාවක් ඊයේ (03) සිය නිවස තුළදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය කොවිඩ්-19 ආසාදිතයකු ලෙස අද (04) හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 24 වැනි කොවිඩ්-19 මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මෙම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවස තුළ රෝගී තත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුණ බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වී ඇත.
රෝගියා මිය යෑමට ආසන්නම හේතුව කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයක් ලෙස දැක්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
24 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කමල් Wednesday, 04 November 2020 03:32 PM
නිවන් සුව අත්වේවා...!!!
බණ්ඩාර Wednesday, 04 November 2020 04:17 PM
මාසයක් නිවසේ අසනීපයෙන් සිටි මේ අම්ම කොරෝනා හැදිලා මියගොස් තිබෙන්නේ. එතකොට මොන පොකුරට ද හයිකරන්නේ?.
thushara Thursday, 05 November 2020 02:57 AM
ලංකාවේ තියෙන්නෙ එක පොකුරයි, මේ අම්ම අයිතිත් ඒ බ්‍රැන්ඩික්ස් පොකුරටම තමයි