IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


22කට එරෙහිව පෙත්සම් නවයක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සම් 9ක් ගොනු කරනු ලැබ ඇත.

වෛද්‍ය ගුණදාස අමරසේකර, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතීඥ නුවන් බෙල්ලන්තුඩාවේ යන මහත්වරුන් ඇතුළු 9 දෙනකු මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති බවත් මෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම් කරුවෝ සිය පෙත්සම් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එබැවින් මෙය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර මන්ත්‍රී කණ්ඩායමකගේ අනුමැතියට යටත්ව සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම් කරුවෝ සිය පෙතකරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

 



අදහස් (1)

22කට එරෙහිව පෙත්සම් නවයක්

විනිවිද Friday, 19 August 2022 04:51 AM

20 සම්මත කරන වෙලාවෙ මුන්දැල කොහේද හිටියෙ කියලා දන්න කෙනෙක් කියන්න නැත්නම් අද ඊයේ උපන් අයද කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site