
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා මරා දැමීමෙන් හෝ ඔවුන්ගේ නිවාස ගිනි තැබීමෙන් විසඳිය හැකි දැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය.
යමකු එලෙස සිතන්නේ නම් එය මුලාවක් බවද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (28) පැවැති පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහාවූ වැඩමුළුව අමතමිනි.
"පාර්ලිමේන්තුව:ජනමාධ්‍ය:මහජනතාව: ධනාත්මක සහසම්බන්ධයක් ගොඩනැගීම "යන තේමාව යටතේ පැවැති මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.
ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනය (එන්.ඩී.අයි) මෙයට පූර්ණ අනුග්‍රහය දැක්වීය.
රටේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්නයට වගකිවයුතු පිරිසක් සිටින බවද ඔහු කීවේය.
ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපළ රැසක් විනාශ කරනු ලැබූ බවත් ප්‍රචණ්ඩකාරීන් මෙලෙස කටයුතු කරද්දී පොලිසිය හමුදාව ඔහේ බලාගෙන සිටිය බවත් කතානායකවරයා ප්‍රකාශ කළේය.
පිරිමින් කාන්තාවන් පිරිසක් බේරේ වැවට දමා ගොඩට එන්න හදද්දි ගල්වලින් පහර දුන් ම්ලේච්ඡ සිද්ධිය කිසිසේත්ම අනුමත කළ නොහැක්කක් බවද හෙතෙම පැවසීය.
තෙල් ප්රශ්නය නිසා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම පවා අද දවසේ දුෂ්කරවී ඇතැයි පැවසූ මහින්ද යාපා අබේවර්ධන මහතා ඈත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන මන්ත්‍රීවරුන්ට රුපියල් 40,000 කට වැඩි මුදලක් ඉන්ධන වෙනුවෙන් දෛනිකව වැය කිරීමට සිදුව ඇතැයිද සඳහන් කළේය.
මේ තත්වය යටතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමද විශාල අභියෝගයක් බව ඔහු පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉතා ආදර්ශමත් පිරිසක් ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඇන් ඇම් පෙරේරා කොල්වින් ආර් ද සිල්වා යන මහත්වරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ අතීතයේ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් හෝ ඔවුන්ගේ කතා ශ්‍රවණය කිරීමෙන් අද මන්ත්‍රීවරුන්ට ලොකු ආදර්ශයක් ලබාගත හැකි බවත් කතානායකවරයා කීවේය.
කොල්වින් ආර් ද සිල්වා ඇන් ඇම් පෙරේරා යන මහත්වරුන් ගේ පාර්ලිමේන්තු කතා ඒකරාශී කර මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි පාර්ලිමේන්තු පුස්තකාලයේ ප්‍රධානීන්ට තමා උපදෙස්දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙම වැඩමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ජනමාධ්‍ය යනු රටක සිවු වැනි ආණ්ඩුව බවයි.
රටක ජනතාව වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් සහ වගකීමක් ජනමාධ්‍ය වෙත අද දවසේ පැවරී ඇතැයි පැවසූ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ වැදගත් සාරගර්භ කතා සහ වැඩසටහන් වලට ප්‍රමුඛත්වයදී වාර්තා කිරීම ඉතා වැදගත් බවත් එසේ නැතිව අවරගණයේ දේවල් වැඩි වැඩියෙන් වාර්තා කිරීමෙන් සහ උලුප්පා පෙන්වීමෙන් සමහර මන්ත්‍රීවරුන් ප්‍රචාරයක් බලාපොරොත්තුවෙන් ඒ ආකාරයට දිගටම හැසිරෙන තත්වයක් පෙනෙන්නට ඇති බවත් ධම්මික දසනායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී ,නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මෙහිදී පැවසුවේ වාර්තාකරණයේදී පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන අවබෝධ කරගෙන ඊට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.
පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරමින් වාර්තා කරන කටයුතුවල යෙදුණු ජනමාධ්‍යවේදීන්ට සහ පුවත්පත් කතුවරුන්ට දඩ මුදල් පැනවීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ගැනීම ඉතිහාසය පුරා සිදුවී ඇති බව පැවසූ නියෝජ්‍ය මහ ලේකම්වරිය ඊට උදාහරණ ගණනාවක්ද පෙන්වා දුන්නාය.
වැඩමුළුවට සහභාගිවූ ජනමාධ්‍යවේදීන්ට සහතික පත්‍ර ප්රදානය කිරීම පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරුන් අතින් සිදුවිය.
මෙම වැඩමුළුවේදී පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක, අධ්යක්ෂ (ව්‍යවස්ථාදායක) ජනකාන්ත සිල්වා, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (තොරතුරු පද්ධති සහ කළමනාකරණ)මහේෂ් පෙරේරා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග සහ එන්.ඩී.අයි ආයතනයේ ජ්‍යෙෂ්ඨ නේවාසික අධ්‍යක්ෂිකා තුසිතා පිලපිටිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද අදහස් දැක්වූහ.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ ප්‍රධාන සම්බන්ධීකරණ ඉංජිනේරු ලලිත් අධිකාරි මහතා සහ පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය කළමනාකාරිණී නිම්මි හාතියල්දෙණිය මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ... ඒකෙන් 15-20ක් විතර ඉතුරු කරලා...!
225 ම අවශ්‍ය නැහැ.. එක් පවුලක 4 දෙනෙකුට පමණක් එසේ කිරීමෙන් ප්‍රශ්න 90%ක් ඉවර කළ හැක. ඉදිරියටත් අවශ්යෙව්දැයි පසුව සලකා බැලිය හැක...
අනේ යන්න... මරු කියවන්නේ නැතුව... කෙනෙක් අඩු ගානෙ එක දවසක් තෙල්, ගෑස්, පෝලිමක හිටියාද? නුඹලා ඔක්කොම එකතු වෙලා තමයි අපිට වැඩේ දුන්නේ..
පුළුවන්, ඔතන 100ක් විතර ඉන්නවා. ඔවුන් ටික නැති වුණාම කරන්න පුළුවන්.., ඔය කතාව කියන කෙනත් ඔතන ඉන්නවා.
225 ම බේරේ වැවට දාන්න.
ජනතාව මහ පාරට වැටෙන තැනට වැඩ කරපු, රටම කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවන්ට නම් මොකද? ප්‍රශ්නවලට හරිවිදියට විසඳුම් නොදීමේ ප්‍රතිඵල තමයි විඳින්නට වෙලා තියෙන්නේ? බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් මේ හැම දේකටම වගකියන්න ඕනේ...
පුළුවන්.. හැබැයි අවුරුදු මිලියන ගණනක් වළලලා තියලා... බොරතෙල් ගන්න පුළුවන්.. ඒත් පාඩු නැහැ... මේ වගේ පින්ගුත්තරයින් ටිකක් රකිනවට වඩා.
ඔය වියදම් අඩුකරන හැටිද? ඔබලාව නිකන් මරන්න හොඳ නැහැ. වැඩේ දීලා හොර සල්ලි අරගෙන බලන්න ඕනෑ. ලැජ්ජ නැති සනුහරේ.. ඔබලාට වෙනදේ අපිට හිතාගන්නත් බැහැ.
අපොයි පුළුවන්... එක දවසක වියදම.. වැඩිකිරීම 30... හා හොඳයි කියන්න අඩුම ගානේ දවස් හතරකට සැරයක්වත් තෙල් නැවක් ගේන්න බැරිද? සතියකට සැරයක් ගෑස් නැවක්... මාසයකට සැරයක් පොහොර නැවක්... ඊට අමතරව හොරකම් නැව් 3ම බෙහෙත් ළමාපරපුරට අධ්‍යාපනය.. අවුරුදු දෙක තුනක් යනකොට ජීවත්වෙන්න හොඳම රට බවට පත්කරන්න හැකිවේවි.
රටේ ජනතාවට රට බේරගන්න යුද්ධ කරන්න වෙලා තියෙන්නේ.. ඔය 225 එළවන්න.. 88 දී රට කැරැල්ලකින් මුදවා ගන්න 60000ක් විතර මැරුවා... LTTE එකෙන් රට බේරාගන්න 50000 ක් විතර මැරුවා. එහෙම බැලුවාම ඕක මොකක්ද?
එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වාලා පවුල් පිටින් තමාගේ කාර්ය මණ්ඩලයට අතුළත් කළේ නැහැ. එතුමන්ලා රටට බර නොවී දේශපාලනය කළේ. නමුත් මෙයාගේ පවුල් සේරම කතානායක කාර්ය මණ්ඩලයේ...
ජෙප්පන්ගේ සංස්කෘතිය එකයි 1989 කළේත් එකයි 2022 කේ 9 වෙනිදා කලෙත් එකයි.. අනාගතේ කරන්නෙත් එකයි.
225 එළවා දැමිය යුතුයි. මොකද රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්න මේ කිසිඳු දේශපාලකයෙකුට වුවමනාවක් නැහැ. මහජනයා විසින් නඩත්තු කරන්නේ මෙවැනි අමන තකතීරු දේශපාලන සංස්කෘතියක් රටට වුවමනා නැහැ. වංචාව, බොරුව, දූෂණය පිරුණු විශෙෂයෙන් පොහොට්ටුවේ අලුගුත්තේරු වැඩනිසා සමස්ත දේශයම විනාශය කරා ගිහින්... අපට වුවමනා නැහැ. ජනපීඩක හැතිකරේ නඩත්තු කරන්න.
225 මැරුවොත් පුළුවන් අය හිටියොත් රට කනවා. ඔවුන්ට වසරක් කජුවලටම ලක්ෂ 80ක්.. හොරාකාපු අය...
මේ කතානායක, ඔහේ රාජක්ෂ සහ අනික් අයගේ රෙදි සෝද සෝදා ගෙදර යන්න. ඔහෙලා වගේ අය අපිට කෙහෙල් පාර්ට්ස්වලින් කපාගන්න පුළුවන්. ඔහේ දන්නේ රාජපක්ෂලාගේ රෙදි සෝදන්න විතරයි...