
ශ්රී ලංකාවේ කොවිඩ් අසාදිත 22 මරණය ලෙස අද වාර්තා වූ 27 හැවිරිදි තරුණයාගේ මරණය කොවිඩ් අසාදිත මරණයක් නොවන බවට වසංගත රෝග විද්‍යා අංශය කියයි.
කොවිඩ් මරණයක් ලෙස මෙය සැලකීමට නම් වැදගත් වන්නේ රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණයක් වීම බවත් මෙම මරණය එසේ සිදු නොවීමක් නිසා මෙය 22 වැනි මරණය ලෙස පිළිගත නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
එම නිවේදනය පහත දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොහොම වුණත්, මියගිය කෙනාට කොවිඩ් තිබුණානේ. ඔහු කෝවිඩ් වැඩිවීම නිසා මියගිය වෙන්නත් පුළුවන් නේද? මේ වෙලාවේ හැටියට ලෙඩේ බෝවීම ගැන ඒ හැටි වගකීමක් නොගත් උදවියට ඒක මරණයක් හෝ අඩුකර ගැනීම වාසියක් බවයි හැඟී යන්නේ..
මෙයා කොහොම මැරුණා වුණත් අන්තිමට පරික්ෂා කරද්දී කොවිඩ් ආසාධිතව සිටීම නම් සතුටු විය හැකි දෙයක් නොවේ. අහඹු සිදුවීමකින් කොවිඩ් ආසාධිතයෙක් හමුවීම කියාදෙන කතාව ඔබට තේරුම් ගත හැකියැයි කියා හිතනවා...
ඔය මරණයට කඹ ඇදිල්ල පැත්තක තියලා කොවිඩ් පාලනයට පියවර ගන්න,
සවන් දෙන්න... වේධිකාවට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ.
ඇත්තම කියනවා නම්, මේ රට මන්ද බුද්ධිකයින්ගේ පාරාදීසයක්. බල්ලාගේ වැඩේ බුරුවා කරනවා. දැන් ඉතින් මේක අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ තමයි. කොරෝනාව ගැරිල්ලක් , ඉල්ලමක් කරගෙන මදිවාට, කොරෝනාව විහිළුවක් කර ගත්ත මේ වගේ තක්කඩි ඉන්න රටක් තවත් මේ ලෝකේ තියනවද?
බයිලා කියන්න එපා.
එම පුද්ගලයාගේ මානසික මට්ටම අඩු වුනේ කොවිඩ් නිසා නම් කොහොමද කොවිඩ් නිසා නොවෙන්නේ.?
අනේ මන්දා මේ පරීක්ෂණ කරන "හාදයෝ" වඩුකාර්මිකයන්ද, පෙදරේරු ශිල්පීන්ද, අත්උදව් කරුවන්ද කියලා හිතෙන්නේ අපට විතරමද?... මේ සෑම වාර්තාවකින්ම කව්රුන් හෝ වාසියක් ගන්න උත්සාහ කරනවා නොවේද? ඒ ගන්නා වූ කිනම් හෝ වාසියකින් රටට අවැඩක් සිදුවෙන බවවත් තේරුම් ගැනුමට වෛද්‍ය විද්‍යාවේ පැමිණි ගොන්නුන්ට තරමටවත් මොලයක් නොතිබීම කණගාටුවකි. අප මෙතෙක් කල් හිතාගෙන හිටියේ මියගිය කෙනෙකුගේ දේහයකින් කුමක් හෝ වාසියක් ලබා ගත්තේ සහ ලබාගන්නේ "අප රටේ තිබෙනාවූ සියලුම දේශපාලන පක්ෂවල දේශපාලුවන් පමණක්" බවයි. නමුත් එය සහමුලින්ම බැහැර හැරිය යුතු බව මෙය හොද උදාහරණයකි.