(අංජුල මහික වීරරත්න)
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සියලු පක්ෂ වලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
21 වන සංශෝධනයේ අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් තවම සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ නැති බව කී අග්‍රාමාත්‍යවරයා 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවක් අද (23) සවස තමා විසින් කැඳවා තිබෙන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයෝ...! මේ ඔබතුමාගේ අවංකභාවය පිළිබඳ ලිට්මස් පරික්ෂාවක්. මේ සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්න බැරිවුණොත් ඔබතුමා ගෙදර යා යුතුමයි. වැල්බයිලා එහෙම කියන්න හදන්න එපා...
ඒක නෙවේ. අරයා අණකළා ඕක දැම්ම ගෙනෙන්න එපා කියලා. ඒකයි හේතුව. මේ ගැන අද අන්තර්ජාලයේ පළවූ වාර්තාවක් උපුටා දක්වමි. "21 වෙනි සංශෝධනය ට ඇතුළත්ව ඇති අගමැතිවරයා පත්කිරීම සහ ඉවත් කිරීමේ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට ලබාදීමට කර ඇති යෝජනාව, පුරවැසියන් ඡන්දවලට ඉදිරිපත් වීමේ හැකියාව (ද්විත්ව පුරවැසි භාවය ඇති අය) පිළිබඳ 21 වැනි කෙටුම්පත් යෝජනාව සහ ඇමැතිවරුන් සහ ආයතන ප්‍රධානීන් පත්කිරීමේ බලය අගමැතිවරයා සතුවීම යන මූලික කරුණු තුනක් කෙරෙහි ජනාධිපතිගේ එකඟතාවය හිමිව නැත. පාර්ලිමේන්තුවේ වැඩිබලය තිබෙන්නේ රාජපක්ෂලා අතේය. එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ මේ අරාජික සහ අවස්ථාවාදී තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි ජනතාව බලා සිටී." උපුටාගැනීම අවසන්.
ඔය හදන්නේ කල් මරන්න, ඩොලර් එවන විදේශ ශ්‍රමිකයන්ගේ, රටේ ජනතාවගේ සහ විදේශ ප්‍රජාවගේ විශ්වාසය දිනාගන්න අවශ්‍ය නම් වහාම 19 ගෙන එන්න. ඊට එහා ගිය එකක් ඕනෑ නම් පසුව පුළුවන් සියලු දෙනාම කතා කරලා ඒක කරන්න.
මෙය රාජපක්ෂලාට අවහිරයක් වෙන පනතක් ගේන්න ඉඩ දුන්නොත් ඒක ලෝක පුදුමයක්... දැන් පැනගෙන ගිහිල්ලා ඇමැතිකම් ගත්තු අය කරන හැටි බලමුකෝ...!
සිරි මහත්මයාගේ අදහසට මමත් එකඟ වෙමි. මේක කෙරෙන වැඩක් නෙවේ... පොහොට්ටු කාරයෝ හදන්නේ ජනතා උදහස සමනය කරගන්න එක එක නාඩගම් පෙන්න පෙන්නා... මේක සතියෙන් සතිය ඉදිරියට ඇදගෙන යන්න.
අගමැතිතුමා ජනාධිපති ගේ තටු කපන්න හා ඔහුගේ මල්ලිගේ බලතල නැතුව යනවට ඒ දෙන්නත් පොහොට්ටු පිරිසත් රට ජාතියට වඩා තනතුරු රැකගෙන සැමදා බලයේ ඉන්න බලාපොරොත්තු නිසා ඔය පනත මැතිවරණයට නොගොස් සම්මත කරන්න ලැබෙන්නේ නැහැ හැබැයි එයින් වෙන්නෙ පැත්තක ඉන්න ඔබ නොහිතන කෙනෙක් ජනාධිපති වීම , ඌරො කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් කියනවා කියන කියමන සිහියට ගන්න