(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළහොත් පළමු කැබිනට් හමුවෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වන බව ඉඩම් සහ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කොළඹ දී අද (23) ප්‍රකාශ කළේය.
රට නැවත වතාවක් ස්ථාවර භාවයට පත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් කිරීමට 21 වන සංශෝධනය රටට අත්‍යවශ්‍යම බැවින් ආණ්ඩුවේ පළමු කාරයය බවට එය පත් විය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
විසිඑක් වන සංශෝධනයට අමතරව විසි දෙවන සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදුකරගෙන යන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.
ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් අවසන් කර ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී කීවේය.
සංචාරක කර්මාන්තය නැවත පණගන්වා රටට අවශ්‍ය ඩොලර් ලබාගැනීමෙන් රට ස්ථාවර කිරීමට පියවර ගන්නා බවත් ඔහු එහිදී පැවසීය.
ඒ වෙනුවෙන් පාට පක්ෂ වෙනුවෙන් නොබෙදී රට ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනාම එක් වන්නැයි ඉල්ලා සිටින හරීන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරීන් සහ නරි නාටක...!
හරීන් ඔබලා මොනවා කීවද රටේ පුරවැසියන් ඔබලා කියන්නා වූ ප්‍රකාශ වටිනාකමක් සහ වැදගත්කමක් නොමැති බව දනී...
අපි ඡන්දෙ දුන්නේ 20 ට මිසක් ඔයාට ඕනේ අයට නෙවෙයි. එමනිසා අපි බැසිල් සමගයි. ඕනෑනම් ඊළඟ ඡන්දෙදී ජනවරමක් අරගෙන කරනු... ගිනිතියලා, මිනීමරලා ඕවා කරන්න ඉඩදෙන්න එපා.
21 එයි බලන් ඉන්න.., ලැජ්ජයි... !
ජනතාව හා තම පක්ෂය පාවාදුන් ඔබ ගැන ජනතාවට කවර කතාද?
අප්පිරියයි හරීන් කළ වැඩේ..!
අහක බලාගෙනද යන්නේ...?
අනේ මේ...! තවත් පව් දෙන්නේ නැතිව කටවහගෙන ඉන්නවද?
ඔන්න හරීන් ඔයා කියන දේ අපි පිළිගත්තා හොඳේ... ඔය නාටකයට ඩොලර් කීයක් ලැබුණාද?
21 සම්මත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න බැරි බව දන්නවා නේද?
සල්ලි අරන් පිල් මාරු කරලා ඔයා ආණ්ඩුවට ගිය නිසා ලබන ඡන්දෙදී ඇපත් නැති වෙන බව දන්නවා. දැන් ඔය 21 කියලා පොටක් පාදාගෙන ඉන්නේ.. අන්තිමට කියාවි 21 සම්මත නොවුණු නිසා රාජපක්ෂලාගෙන් යනවා කියලා.
ඔයාගේ කතා අහක බලාගෙන අහන්නත් අපිට දැන් අප්පිරියාවේ බැරුවා...!
අපි ඔයාගේ හැටි දැන් හොඳටම දන්නවා...
ඔයාට අපි උත්තර දෙන්නම්.. ගෙදරම ඉන්න ආයේ ඡන්දෙ ඉල්ලන්න ආවොත්...!
මාර වැඩේ සර්. අන්න ජනාධිපතිතුමා කියන්න කැබිනට් එකට දාන්නේ පක්ෂ නායකයින් අනුමත කලාට පස්සෙලු. දැන් මොකෑ කරන්නේ? හෙට තව මාධ්‍ය සාකච්චාව ක් තියමු.