(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වෙනි සංශෝධනය පිළිබඳ කමිටුව ඊයේ (23)පස්වරුවේ රැස්වී කළ සාකච්ඡාවෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව කී අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ දී කෙටුම්පත සාකච්ඡා කොට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ට එය ලබාදී සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට නැවත වාර්තා කරන ලෙස දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසිඑක් වෙනි සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ට ලබා දෙනු ඇති බවත් ලබන සිකුරාදා රැස්වී ඔවුන්ගේ අදහස් ලබා ගන්නට අප බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඊට පසුව ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සංශෝධන සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර පළමුවෙන්ම ගැසට් නිවේදනය පළ කොට ඊට පසුව වුවමනා අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ද අවස්ථාව දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේම සහාය ඇතිව සංශෝධනය සම්මත කරගන්නා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංශෝධන කිව්වේ අර ද්විත්ව පුරවැසි එක වෙන්න ඇති නේද?
ද්විත්ව පුරවැසි කොටස අයින් නොකර මොන අටමඟලෙ ගෙනාවත් රටට වැඩක් වෙන්නෙත් නැහැ. ඔහෙලට වැඩක් වෙන්නෙත් නැහැ. "සර් ෆේල්" කිය කියා හන්දි ගානේ බෙරිහන් දුන්න කෙනාටයි එයාගේ ගෝලයාටයි විතරයි කල්ල මරේ උනේ.