(අජන්ත කුමාර අගලකඩ)
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20)රාත්‍රියේ අනුමැතිය දුන්නේය.
ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි .
ඒ අනුව අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.
දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ විසිඑක්වැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කිරීම නව පනත් කෙටුම්පත මගින් සිදු කරනු ඇත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
21ට කැබිනට් අනුමැතිය
sa Monday, 20 June 2022 08:06 PM
අවංකවම වැඩකරනවා නම් ගොඩක් රට ඉන්න සේවකයෝ උත්සාහ කරනවා ඩොලර් ලංකාවට එවන්න. මොකද මව්රට නිසා. නමුත් දේශපාලකයින් ඉක්මණින්ම යායුතුයි, මේ රට තවත් විනාශ කරන්නට ඉඩ නොදී...
අරවින්ද මොනරවිල Monday, 20 June 2022 09:36 PM
ඊළග ජනාධිපතිවරයාට බලපාන පරිදි මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න සුදානම් වන බවක් තමයි වාර්තා වෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයා පිස්සු නැටුවා කියලා ඊළග ජනාධිපතිවරයාට දඬුවම් කරන්න පාර්ලිමේන්තුව හෝ කැබිනට් එකට ඇති අයිතිය මොකක්ද ? ඒ නිසා මේ 21 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය ගෙනෙනවානම් වර්තමාන ජනාධිපතිවරයාටද බලපාන පරිදි ක්‍රියාත්මක වන ආකාරයට ගෙන ආ යුතු අතර එසේ නොවන්නේ නම් ඩීල්දාසලගේ ගේම් වලට රටේ මහජනතාව ඉඩ නොදිය යුතුයි.
chandima Monday, 20 June 2022 10:16 PM
ඡන්ද දායක රටවැසියන්ට විස්තර නොකියන්නේ මේ ව්‍යවස්ථාවෙන් පස්සේ ඔවුන්ගෙන් වැඩක් නැතිව ඇති... ඒකයි..!
Demuni Uduwara Tuesday, 21 June 2022 05:42 AM
කැබිනෙට්ටුව අනුමත කළේ කවුද?
සංහිද Tuesday, 21 June 2022 10:16 AM
දැන් පෝලිම් ටික ඉවරවෙයි..
ඇහින් කනින් Tuesday, 21 June 2022 10:46 AM
ආරංචියේ හැටියට 21 නීති ඔක්කොම බලපාන්නේ ඊළඟට එන ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුවටලු.., රටේ ඔක්කෝම ප්‍රශ්න ඇති කරපු ගොබ්බසේනට ඕකේ කිසි බලපෑමක් නැතිවෙන විදිහට ඩීල් දාස ඕක හදලා තියෙන්නේ...!