IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


2026 ආසියා ඔලිම්පික් සමුළුව ලංකාවේ

(අංජුල මහික වීරරත්න)

ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් හුසේන් අල්-මුසල්ලාම් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී අද (8) පැවැත්විණි.

2026 වර්ෂයේ දී ආසියා ඔලිම්පික් සමුළුව ලංකාවේ දී පැවැත්වීමට සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කරගනිමින් සියලුම දරුවන්ට පිහිනීම පුරුදු කිරීමේ අරමුණින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට  සාකච්ඡා විය.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජංගම පිහිනුම් තටාක ලබා ගැනීමට අධාර ලබා දීම සඳහා එකඟතාවය පළ කළේ ය.

ක්‍රීඩා නීති සම්පාදනය කිරීම පිළිබඳව සහ ජාත්‍යන්තර පිහිනුම් තටාකයක් මෙරට ඉදි කිරීම පිළිබඳව මෙහිදී  වැඩිදුරටත් සාකච්ඡා කළ අතර ක්‍රියාත්මක කිරීමට නියමිත 'sport tourism - ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය' වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බව ද ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් හුසේන් අල්-මුසල්ලාම් මහතා පැවසුවේ ය.

මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ද සහභාගී විය.



අදහස් (0)

2026 ආසියා ඔලිම්පික් සමුළුව ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site