
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) තෙවැනි වර කියවීම තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (5) පස්වරුවේ සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 1ක් පමණි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
පනත් කෙටුම්පතට පක්ෂව ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්විණ.
ඊට පසු කාරක සභා අවස්ථාවේ විවාද නොවැම්බර් මස 15 වැනිදා ආරම්භ වූ අතර අවසාන විවාදය ඊයේ පැවැත්විණ.
ඊයේ පැවැත්වුණේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2026 අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි