
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව 2019 තිබූ ආර්ථිකයට ලබන වසරේදී ළඟා වීමට හැකි යැයි විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ශ්‍රී ලාංකික හමුවකදී පැවසීය.
සාමාන්‍යයෙන් ආර්ථික කඩා වැටීමකදී රටකට අහිමි දශකයක් නිර්මාණය වන බව ආර්ථික විශේෂඥයින් සඳහන් කරන නමුත් තව කෙටි කලකින් රට පෙර පැවති තත්ත්වයට ගැනීමට හැකි බවට දත්ත සහ සංඛ්‍යා මත පුරෝකථනය කළ හැකි බව සඳහන් කළේය.
තමා බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණක් බව ද ජනාධිපතිවරයා පැවසීය.
මීට වසරකට පෙර රජය බලයට පත් කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේදී කිසිවෙකුගේ බලපෑම්වලට යටත් වීමට සූදානම් නැති බවද දිසානායක මහතා අවධාරණය කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ජනාධිපතිවරයාගේ මෙම හමුව නිව්යෝර්ක් නුවර ස්ටැටන් අයිලන්ඩ් කලා විද්‍යාල මධ්‍යස්ථානයේ දී පෙරේදා (25) පස්වරුවේ පැවත්විණි.
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධානය කර තිබූ මෙම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තීයවේදීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
රටේ ආර්ථික ස්ථාවරත්වය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම සහ වංචා දූෂණ අවසන් කිරීම, මත්ද්‍රව්‍ය සහ බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සහ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේදී වසරක් වැනි කෙටි කාලයක් තුළ තීරණාත්මක හැරවුමක් වත්මන් රජය සනිටුහන් කර තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී කීය.
සියලු ක්ෂේත්‍රයන්හි ලැබූ ජයග්‍රහණ ඉදිරියටම ගෙන යනවා මිස කිසිසේත් ආපසු නොහරවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’2019 රට තිබූ තැනට ලබන අවුරුද්දේ යන්න පුළුවන්’’
RASIKA Friday, 26 September 2025 11:57 AM
ලොකු ජයග්‍රහණයක් එසේ කළ හැකි නම්. ඇයි අපේ බලාපොරොත්තුව. අපට ඔබ විශ්වාසයි.
Hansi Friday, 26 September 2025 12:15 PM
පෙට්‍රල් 165, සහල් 125,වෙන ..
මැක්ස් Friday, 26 September 2025 12:28 PM
නිව්යෝක් නොවෙයි ලෝකෙ කොහේ ගියත් ඔබතුමා අමතන්නේ ඔබගේ වොෂින්ටන් බලකායට සහ මූල්‍ය සාක්‍ෂරතාව පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා ලෝකයේ කොයි මුල්ලේත් සිටින ඔබේ සුවච කීකරු එහෙයි පිරිසට පමණක් බව ඔබ නැවතත් තහවුරු කොට ඇත. 2019 රට තිබූ තැනට ආර්ථිකය ගෙන යනවා යනු මුග්ධ ප්‍රකාශයකි. කරනවා නම් කළ යුත්තේ 2-015 හෙවත් මේ රට ආර්ථික වශයෙන් ආගාධයට ගමන් කරන්නට ආරම්භ කළ වසරේ තිබූ ආර්ථික තත්ත්වයට රට ගෙන යෑමය. හැබැයි ඉතිං වෛරය ක්‍රෝධය සහ අහංකාරකම පමණක් දන්නා ඔබත් ඇතුලු කයිවාරුකාර මාලිමා දේශපාලුවන්ට ඊට ශක්‍යතාවක් නැති බව දැන් රටට ඔප්පු වී හමාරය.
ගුණරත්න Friday, 26 September 2025 12:35 PM
යයි යයි තමයි. ජවිපෙ සාමාජික ඉබ්‍රාහීම් නානා ගේ පුත්තු බෝම්බ පුපුරවලා රට වනසන්න කලින් සාමාන්‍ය මධ්‍යම පාන්තික මනුස්සයෙක්ට ලක්ෂ 30ක් වියදම් කරලා හොඳ තත්වයේ මෝටර් රථයක් ගන්න පුළුවන්කම තිබුණා... දැන් එම මෝටර් රථයම ලක්ෂ 90යි. ඒත් ආදායම එහෙම තුන් ගුණයකින් වර්ධනය වෙලාද? බදු ගහලම ආණ්ඩුවේ ආදායම නම් වර්ධනය වෙලා ඇති. නිකමට පත්තරේක හරි කඩ සාප්පුවක හරි ඇබෑර්තුවක දැන්වීමක් කියවා බලන්න, මූලික වැටුප කීයද කියලා...
පිටිගල මිලානෝ Friday, 26 September 2025 12:35 PM
කපුටත් පැත්තකට වෙලා හැංගිලා ඔබේ දේශණය අහගෙන ඇති. දැක්කොත් අල්ලලා සාටකෙන්ම ඔතාගෙන ලංකාවට ගේන්න….
බද්රානි Friday, 26 September 2025 12:52 PM
2019 වසර කාලයේ රටේ ජනතාවගේ මෙන්ම රටේ ආර්ථිකයටත් කිසියම් අස්වැසිල්ලක් තිබුන යුගයක් බව වර්තමාන ජනාධිපති තුමා පිළිගැනීම ඉතාම සාධාරණයි..නමුත් බඩ පිරෙද්දී, බඩ පිනුම් ගහන්න දඟලන ජනතාවක් වෙසෙන රටකට, ලාබෙට කන්න තිබුන කොත්තුව ඉදිරියට පවා "වඳ" කියන අනවරත නාමයක් දුන්නා...බඩ වඩාගන්න දඟලන චීවරධාරී තක්කඩි රැල "හලාල්" කියන නම ජනගත කළා.. ඒ අවස්ථාවේ ඔබතුමාලා පවා නිහඩ පිලිවෙතකුයි අනුගමනය කලේ... අවසානයේ ජාතිවාදයේ ප්‍රතිපලයක් ලෙස සැලසුම් සහගත පාස්කු ප්‍රහාරයෙන් පසුව, විරුවා නොහොත්, ලෝකල් පුටින් කෙනෙක් බලයට පත්ව, තක්කඩි පුජක රැල, ඔවුන්ගේ පරම්පරාව, හා හිතවත් ව්‍යාපාරික රැල පොහොසත් කරමින්, මේ රටේ ජනතාව හිඟමනට පත්කොට, මහා මගට ඇද දැම්මා...එදා අරගලය කල ජනතාවට පින්සිදු වෙන්නට, අද මේ රට, තවත් හයිටියක්, උතුරු කොරියාවක් බවට පත් නොවී, ඒ අමන පාලකයින් පන්නා දැම්මා.. මේ රටේ ජනතාව ඔබතුමාට මේ රටේ පාලනය බාර දුන්නේ, නැවත, ඒ දුර්ජන පාලකයින්ගෙන් මේ රටේ ජනතාව ගලවා ගැනීම සඳහායි... ලබා දුන් ජන වරමට සාධාරණයක් කරනු ඇති අපේක්ෂා කරමු!!
Nilantha Friday, 26 September 2025 01:11 PM
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ කියන්නෙ මේකටද අපේ හාමුදුරුවනේ
රනේ Friday, 26 September 2025 03:05 PM
අපේ සිහිනය, පොහොසත් රටක් 2030 දී.. ඒ වැඩේ ඔබට පුළුවන්! අපේ දායකත්වය ලබා දෙමු. හැම තක්කඩියෙක්ම සමාජයෙන් තුරන් කරමු.
සෙනෙවිරත්න Friday, 26 September 2025 03:52 PM
මේ තක්කඩි ටිකත් එක්ක ඒක සිහිනයක්ම විතරයි. සමහරවිට අනුර කොටහළු වෙලා රාජ්‍ය නායකයෝ කීය කීය හරි දීලා සංචිත වැඩි වුනොත් නම් රට පොහොසත් වෙයි...
Gavin Friday, 26 September 2025 04:38 PM
2019ට නොවේ, හැත්තෑව අසූව වගේ කාලෙට යන්න බැරිද? කොල්ලකාපු, ගිනිතියපු මහජන දේපළ ටික බේරගන්න.
ජගත්චන්ද්‍ර මල්ලියාවඩු Friday, 26 September 2025 11:28 PM
අනුර ජනපති සහෝදරයා අපේ මව්බිමට ස්වර්ණමය යුගයක් උදාකර දෙනවා නියතයි ! මාලිමාවට ජයවේවා ! මාලිමාව යටතේ, අපේ මව්බිමට ජයවේවා...!