(අංජුල මහික වීරරත්න)
තමාට දේශපාලන පළපුරුද්ද සීමා සහිත බැවින් අගමැති සහ කැබිනට් මණ්ඩලය එකතුවී සාමූහිකව කටයුතු කරමු යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් විසිවන සංශෝධනය අසාර්ථක බව ජනපති පිළිගෙන ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10) පැවසීය.
දැන් කළ යුත්තේ විසිවන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යාම බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ආණ්ඩුව විපක්ෂය සමග සාකච්ඡා කර රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳීමට එකඟතාවයට පැමිණිය යුතු බවද සඳහන් කළේය.
විසිවන සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනපතිට ප්‍රශංසා කරන බව ද කී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ 20 නිසාද ? ප්‍රධානම හේතුව කොරෝනා කියලා පිළිගන්න මේ එක දේශ පාලුවෙක්වත් කැමති නැහැ .එංගලන්තේ බඩු මිල ඉහල ගිහිල්ලා ,ඉන්දන මිල ඉහල ගිහිල්ලා තියෙන්නෙත් මේ 20 නිසාද ?ලෝක දේශපාලනය, ලෝක ආර්ථිකය එක්ක බලලා අපේ රටේ ආර්ථිකය ගැන හිතලා බලන්න රනිල් මහත්තයෝ
රජා දොරටුපාලයා උනාට පස්සෙත් අමතක වෙලා ,තමන් රජා කියලා හිතාගෙන කෑ ගහනවා වගේ .පෙත්ත ගන්න අමතක උනාද ?
දැන් ඉන්න එකත් අපි හිතූතරම් වැඩ්ඩෙක් නොවේ. රටේ බහුතරයට පට්ට අවුල්. දැන් එතකොට මෙයා කියන විදියට අපේ රටේ දේශපාලනය කරන්නේ දේශපාලනය ගැන, අසීමිත පළපුරුද්දක් තියෙන අයද?
ජනාධිපතිතුමනි අසාර්ථක වෙන්න හේතුව ඔබේ ඇමතිවරුවත් ඔබ පත්කළ සමහර නිලධාරීන්වත් තමන් හට පැවරුන රාජකාරිය හරියට තියා බාගෙට වත් කරන්න දන්නා අය නොවන නිසා. හොරු දැන් බය නැතුව හොරකම් කරනවා. මාෆියා කාරයෝ හාල් ටිකෙනුත් ජනතාව ගසා කනවා. ඔවුන් පාලනය කරන්න ඔබට බැරි බවක් පෙනිගෙන යනවා. ඒ නිසා හරියට වැඩ නොකොළොත් ඉදිරියේදී ඔබව අතුගෑවී යාමට සිදුවේවි.
විසිවන දේශපාලකයන් ගේම් ගසා පාර්ලිමේන්තු එන රටේ ඕවා මොනවද
ජනතාව ප්‍රතික්ෂේප කලත් දේශපාලනේ අත හරින්නේ නැහැ
කොරෝනාව ලොකු ප්‍රශ්නයක් තමයි. ඒත් දිගට හරහට වංචා කිරීම, බදු සීමාව ඉහළ දැමීම නිසා ආදායම අඩුවීම, වැරදි කරුවන් නිදොස් කොට නිදහස් කරලා ලොකු තනතුරු දීම, තනියම පොහොර ගැන වැරදි තීරණ ක්‍රියාත්මක කිරීම කොහොමද කොරෝනා වලට බැර කරන්නේ?
20 තවත් ශකිතිමත් කල යුතුයි. සුලු පක්ෂ එකතු වි රජයක් ආවොත් යහපාලනය කාලෙ වගේ එම පක්ෂ වලට ඕනැ විදියට රට හසුරැවන්න පුලුවනි. මොහු බලන්නෙ අවස්ථාවෙන් ප්‍රයොජනය ගන්න.,මොහු දන්නවා කවරදාවත් ඔහුට මේ රටේ ජනාධිපති වෙන්න බෑ කියලා.
19 පළාතට ගෙනෙන්න එපා. ඔය අසාර්ථක කම තිබෙන්නේ ටික කාලෙකටයි කොවිඩ්වලින් මිදුනාම නැවත සාරථ කර ගන්න පුලුවන් 20 න්.
අසාර්තකකම එළිපිට කතාකලේ 20 නිසයි. ඔය අසාර්ථක කම තාවකාලිකයි. කට්ටියක් බලා ගෙන ඉන්නවා නැවත ගම්මිරිස් වගාවට ඇත දාන්න අමාත්යඅංශ ටික ගන්න. ඒ නිසා 20 ඉවත් කරන්න එපා එපා එපාමයි.
මේ අසීලාචාර පාලන ක්‍රමයට ඔබත් වගකිය යුතුයි.
නැවත පුපුරවා ගන්න අපිට අවශ්‍ය නැහැ. 19 දෙපැත්තට බෙදිලා ඇනකොටාගන්න අවශ්‍ය නැහැ.
ව්‍යවස්ථාවල් පමණක් නොවේ. ඔයගොල්ලන් ඇතුළු මේ පක්ෂ, පෙරමුණු සේරම අසාර්ථකයි. රටේ සම්පත් විකුණමින් ඉතා දූෂිත පාලනයක් කරන්නේ...