(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය එළඹෙන 16 වැනි දා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.
නිල වශයෙන් පාර්ලිමේන්තුව ආරම්භ කරන එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
එදින සිදුවන්නේ පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමක් පමණක් බව කී ඇමති මහින්ද සමරසිංහ මහතා පනත් හෝ වෙනත් දේ ඉදිරිපත් වන්නේවත් බහුතරය පරීක්ෂා කිරීමක්වත් එදින සිදුනොවන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද...? පරීක්ෂා කරන්න බයද?
ඒ කියන්නේ බහුතරය හදාගන්න බැහැ කියන එකනේ
නැති දේවල් කොහොම පෙන්නන්නද?
අපිත් කියමු අර ජෝන් සෙනෙවිරත්න කිව්වා වගේ... ආණ්ඩුවත් අපේ, පොලිසියත් අපේ.. ගුටි නොකා පලයව් කියලා... එහෙම හොඳ නැහැ මම හිතන්නේ...
ඔබලා වගේ අය ඔය පැත්තේම ඉන්න සදාකාලිකවම කරුණාකරලා
ලැජ්ජයි නේද ඇමති තුමා.
තව කවුරු හරි ගතමන්ට් දීලා බිලි බාගන්න කල් ඕනෑ නේද? පාර්ලිමේන්තුව මග හැරීයාම ෆැසිස්ට් ආණ්ඩුවකට හරි පාර...!
පාර්ලිමේන්තුව මග හරියාම... ෆැසිස්ට් ආණ්ඩුවකට හරි පාර!
සත්‍ය වශයෙන්ම මේ අයට බහුතරය නැහැ. පෙන්නන්නේ නැහැ කියන්නේ බැරි නිසයි. රනිල්ට 126 දෙනෙක් දිවුරුම් ප්‍රකාශ දීලා. මේක බුදුන් වැඩි දහම් දිවයින. ඇතැම් චීවරධාරීන් සත්‍ය විකෘති කරන්න සහයෝගය දුන්නත්, ලෝක පාලක දෙවියෝ උඩ ඉඳන් මේවා බලන් ඉන්න බව අමතක කරන්න එපා. ඔබලා නිවැරදි නම්, වහාම පාර්ලිමේන්තුවට කැඳවා රටට තමන් නිවැරදි බව පෙන්වන්න. ජනතාව පොල්කිරි බීපු අය නොවේ. ඔවුන්ට ඇත්ත තේරෙනවා.
ඒ කියන්නේ ප්රජාතන්ත්රවාදය වල දමනවා කියලද?
ඡන්දයක් දිනාගන්නවත් බැරිවූ කෙනෙක් නේද මේ තප්පුලන්නේ..?
පෙන්නන්න බය වුණු තරමක්.. අනේද කියන්නෙ.
දැනටම ගොන්නුටික ටික බයවෙලා.... කොහෙද? නැති දේවල් පෙන්නන්නේ. ඔක්කොම ලනුව කෑවා....
පරාද වුණා... රටේ නීතියත් නොදැන ඉන්නේ.. එන්න අපි සලකන්න බලන් ඉන්නේ.. 113 පන්නන්න බැරි අය...
බහුතරය පරීක්ෂා කරන්නේ නැහැ නෙවෙයි, පරික්ෂා කරන්න බැහැ.
අපේ මිනිස්සු හරක්වගේ ප්‍රතිචාර දාන්නේ. කවුරු හොදද මන්ද ඒත් මේ රටට වෙන්න ගිය විනාසේ මේ විදියටවත් වලක්වා ගත්ත එක මේ වෙලාවේ ලෝකු ජයක්
එතකොට එක්කෙනෙකුගේ කතාව අහන්නද කෝටි ගණනක් වියදම් කරන්නේ?