(රෝෂන් තුෂාර)
වසර දහතුනක් තිස්සේ දිවා ආහාරය ලබා දුන් හෝටල් හිමියාගේ බිරිඳට කෑම වෙල ලබාදීමට පරක්කු වූයේ යැයි පවසමින් මන්නා පහරක් ඔලුවට දී බරපතල තුවාල සිදුකළ යාචකයකු ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
මාර්ටින් ලියනගේ නමැති යාචකයක වූ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා යාචකයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසටද පොලිසියට නියෝග කළේය.
හෝටල් හිමියා වෙනුවෙන් නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණයේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
ස්වාමීනී කොළඹ රථ වාහන පොලීසිය අසල හෝටලයක් පවත්වාගෙන යන මගේ සේවා දායකයා මෙම විත්ති කූඩුවේ ඉන්න යාචකයාට හැමදාම කන්න බොන්න දෙනවා.දැනට අවුරුදු දහතුනක් මොහුට ආහාර වේල ලබල දීලා තියෙන්නේ මෙම කඩ හිමියා.මොහු හැමදාම එකම වෙලාවට තමයි හෝටලයට එන්නේ.මේ කියන දවසේ කෑම පිඟාන දෙන්න විනාඩි දහයක් විතර පරක්කු වෙලා තියෙනවා.මොහු මහියංගණය පැත්තේ වැඩිහිටි නිවාසයක ඉඳලා පැනලා ආපු කෙනෙක්,කෑම වේල දෙන්න පරක්කු වුනා කියලා උරණ වෙච්ච මොහු මන්නෙ අරන් කඩ හිමියාගේ බිරිඳට ඔලුවට ගහලා ඇසට උඩින් වැදුන නිසා යන්තම් ජීවිතේ බේරිලා.මොහුට ඇප ලබා දෙනවාට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.කොහේ ගියත් මොහු කරකැවිලා ඉන්නේ ඔතනට. කිසිල්වත්ත පොලිසිය හා අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
13 වසරක් ඉල්ලන් කෑ හිඟන්න කෑම පරක්කු වුණැයි ඔළුවට කොටලා
Prabha Wednesday, 17 January 2024 01:01 AM
ණයට කිරි දුන්න කතාව මතක් උනා.කොච්චර ගුණ කරත් දුදනෝ නොවෙති යහපත්
පියනන්ද Wednesday, 17 January 2024 06:40 AM
සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම ඉන්නේ මේ වර්ගයේ අය තමයි. කන්න දීපු අත හපා කන අය.
රොබට් සිල්වා Wednesday, 17 January 2024 11:12 AM
මෙවර ජනාධිපතිවරණය සදහා අලුත් වෙනසක් බලාගෙන අලුත් ජනාධිපති කෙනෙක් පත්කර ගත්තා නම් වෙන්නෙත් ඕක තමයි .එහෙම කියන්නෙ එම පක්ෂයේ සාමාජිකයන්ට හරියට කේන්ති යනවා ,තමන්ගෙ සහෝදරයෝ නෑදෑ පිරිස් හිතවතුන්ට වඩා උතුරු කටුව ලොකුයි.වචනයක් වැරදුනොත් ගහගන්නම එනවා
Chamila FernandoWednesday, 17 January 2024 12:38 PM
පරණ අයම හොඳයි නේද? රට සංවර්ධිත රටක් කළේ පරණ සෙට් එකනේ. ඒ නිසා එයාලාවම බලයට ගේමු. හාද?
Chamila Fernando Wednesday, 17 January 2024 12:31 PM
කොපමණ ගුණ කළත්... දුදනෝ නොවෙති යහපත්...!