IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


13 ගැන ද්‍රවිඩ මන්ත්‍රීන් සමඟ පමණක් කතා කර ඵලක් නෑ

(අංජුල මහික වීරරත්න)

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බව සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය.

පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ  බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේ නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බව සඳහන් කළේය.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ  පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඇරැඹිණි.



අදහස් (5)

13 ගැන ද්‍රවිඩ මන්ත්‍රීන් සමඟ පමණක් කතා කර ඵලක් නෑ

de silva Wednesday, 26 July 2023 07:39 PM

13 නෙවෙයි මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සපයලා ඉන්න...

:       0       0

sam Wednesday, 26 July 2023 09:16 PM

පළාත් සභා පැවති කාලයේ උතුරු නැගෙන හිර ජනතාගේ මුලික ගැටළු විසදීමට අපොහොසත්වූ බලය වෙනුවෙන්ම ක්‍රියාත්මකවන ජාතින් අතර වෛරය පමණක් නොව පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරනු ලබන්නේ උතුරු නැගෙනගිර දේශපාලන පක්ෂ නායකයන් පමණක් වේ, පළාත් සබාව පරිපාලන ඒකකයක් වසයෙන් මිස දේශපාලන අදිකාරියක් වසයෙන් පවත්වාගෙන යාම කිසිදු ජනකොටසකට හානි නොවනේ පමණක් නොව මෙම පලත්සබා ක්‍රමය ලනක්වේ කිසිදු පුරවැසියකු විසින් ඉල්ලා සිටි දේශපාලන විසදුමක් හෝ ක්‍රමයක් නොවේ. ට්‍රස්තාවාදී කණඩායම් සමග බලය බෙදා හැරීමේ විසදුමක් වසයෙන් අත්සන් කලද අවසානයේ එම ත්රස්තවාදී කණඩායම් විසින්ම ප්‍රතික්ෂේප කරනා ලද සහ රටේ 90% ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ක්‍රමයක් ලංකාව වැනි කුදාරටකට අවශ්‍ය නැත.

:       0       0

sam Wednesday, 26 July 2023 09:17 PM

වසර 5කට වඩා වැඩිකාලයක් දේශපාලකයන් නොමැතිව සාර්ථකව පවත්වාගෙන යනු ලබන්නාවූ පපළාත් සබා කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යාඅ යුතු අතර උතුරු නැගෙන හිර පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ගේ පහසුව වෙනුවෙන් ඔවුන්ගේ බාෂාව කට කරනාවූ පොලිස් නිල දාරීන් ප්‍රමාණය ජනානුපත්ය අනුව ලබාදීම වැදගත්වේ. පලාත්සබා කියන්වූ වචනය මේවන විට දේශපලන වසයෙන් ප්‍රතික්ෂේප වූ වචනයකි. එමනිසා එම වචනය වෙනුවට පළාත් නවය වෙනුවෙන් නම වෙනසක් විය යුතුද වේ. ජාතින් අතර බෙදීම ඇතිකරනාවූ පළාත් සබා දේශපාලනය රටට අනවශ්‍ය විසදමක් මිස විසදුමක් නොවේ. සිවිල් සහ මහජන පරිපාලනය උතුරු සිවිල් සහ මහජන පරිපාලනය බස්නාහිර සිවිල් සහ මහජන පරිපාලනය දකුණ ආදී වසයෙන් මධ්‍යම රජය යතාතේ ක්‍රියාත්මක වන්නාවූ සිවිල් සහ මහජන පරිපාලනයක් මගින් සමස්ත ශ්‍රී ලංකාවම පාලනය සිදුවිය යුතු වේ. කිසිදු ජන කොටසකට වෙනසක් නොවන ආකාරයට විසදුම් ලබාදීමට කට යුතු කලයුතුවේ. සිංහල / දෙමල කතා කරන්නාවූ ඇමතිවරයකු උතුරටද පමණක් නොව රටේ අනෙක් පරිපාලන පළාත් 9 වෙත පත් කලයුතුවේ.

:       0       0

Rata Perata Wednesday, 26 July 2023 11:20 PM

එහෙනම් ජනතා බදු සල්ලි වියදම් කරගෙන කතා කලේ ඇයි .ඕක දැන්ද තේරුනේ ?

:       1       0

sena Thursday, 27 July 2023 11:05 AM

මිනිස්සු කන්න නැතුව මැරෙනවා මෙයා මේ පළාත් සභාවක් අල්ලාගෙන කල් මරනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site