පාස්කු කොමිෂන් වාර්තා සභාගත නොකරන්නේ ඇයි? පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත නොකරන්නේ ඇයි දැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 09 July 2025
තුෂාර උපුල්දෙණියට ඇප ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් සිරකරුවන් මුදාහැරීමට ආධාර අනුබල දුන්නේ යැයි මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(09) නියෝග කළාය. 09 July 2025
කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා සහල් ආනයනය කරන්න තීරණය කළේ කීරි සම්බා වල ප්‍රශ්නයක් නිසා බව වෙළෙඳ ,අලෙවි හා පාරිභෝගික සේවා වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 July 2025
නිල නිවසට කරන්න යන දේ කතානායක හෙළිකරයි කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය. 09 July 2025
ආණ්ඩුව හාල් රටින් ගෙන්වන්නෙ බදු ආදායම වැඩි කරගන්න ආණ්ඩුව සහල් ආනයනය කරන්නේ බදු ආදායම වැඩි කරන්නට දැයි සැකයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 July 2025
වෙඩි තැබීම්-කොල්ලකෑම් සම්බන්ධයෙන් සිවි දෙනකු අල්ලයි කොස්ගමදී ’’කොටහැර පොඩ්ඩා’’ නමැති සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන තැනැත්තාට වෙඩි තැබීමට සහ රථවාහන මංකොල්ලකෑමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 09 July 2025
විමල් CIDයට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. 09 July 2025
ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට ඇප අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන බන්ධනාගාරගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (09) නියෝග කළාය. 09 July 2025
මැදිරිගිරියේ තොටුපොළක ගාල් කර තිබූ ඔරු 6කට ගිනි තියලා පොළොන්නරුව මැදිරිගිරිය බේබියා වැවෙහි ධීවර කටයුතු වල නිරත ධීවරයින්ගේ ඔරු 06 කට කිසියම් පිරිසක් විසින් අද(09 ) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව මීගස්වැව පොලිසිය පවසයි. 09 July 2025
සිංගිමලේ ජලාශයට වැටි සිසුවෙක් අතුරුදන් හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය. 09 July 2025
ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 3.00ට පැවැත්වේ. 09 July 2025
මාලිමාවේ නිශාන්ත ජයවීර දිවුරුම් දෙයි ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ ධුරයට පත්කෙරුණු නිශාන්ත ජයවීර මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ මීට ස්වල්ප මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 09 July 2025
රේගු ඩිජිටල්කරණය කඩිනම් කරන්න නියෝග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 09 July 2025
ලක්ෂ 20 මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රාත්‍රී සමාජ ශාලා සඳහා මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය තොග වශයෙන් ලබා දෙන 22 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 09 July 2025
නැගෙනහිර බහළුව කළමනාකරණයට සමාගමක් නැගෙනහිර බහළු පර්යන්තය කළමනාකරණය කිරීම සහ මෙහෙයුම් කිරීම සඳහා සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 July 2025
අධිකරණ වල දුක බලන්න ඇමති යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 09 July 2025
සමාදාන විනිශ්චකාර නියෝග පාර්ලිමේන්තුවට සාමදාන විනිශ්චයකාර නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 July 2025
දියවැඩියා බේත ගන්න ප්‍රසම්පාදනය ඉන්දියාවට බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් එන්නත් ( මිනිස් ) 30% ද්‍රාව්‍ය 70% අයිසෝෆේන් වයල් මිලියන 2.2 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 July 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තතමේන්තුව කියයි. 09 July 2025
කදානේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි කඳාන පොදු වෙළඳසැල අසලදී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවිර මහතාගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ සමීර මනහර මහතාට සහ ඔහුගේ මස්සිනාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 09 July 2025
වාහන ආනයන සීමා පැනවුවහොත් වාහන මිල ඉහලට වාහන ආනයනය සඳහා වෙන් කර ඇති ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 200 භාවිතා කිරීම සඳහා රජය කිසියම් කොන්දේසියක් පනවන්නේ නම්, දේශීය වාහන වෙළඳපොළ තියුණු මිල ඉහළ යාමකට මුහුණ දිය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ප්‍රසාද් මානගේ අනතුරු ඇඟවීය. 09 July 2025
’1,500cc ට අඩු වාහන ආනයනය සඳහා සහන ඉල්ලයි‘‘ වාහන ආනයනයේ දි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ආනයනයට සහන ලබා දෙන්නැයි ලෙස දේශීය ආදායම් නිලධාරිහු රජයෙන් ඉල්ලා සිටිති. 08 July 2025
ආමි උපුල්ගේ ඝාතන සහකරු ගිනි අවි, මත්කුඩු සමග මාට්ටු රාගම බටුවත්තේ ආමි උපුල් ඝාතනයේ වෙඩික්කරුවන්ගේ සහකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයකු සමග තවත් පුද්ගලයකු රුපියල් කෝටි 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, ගිනි අවි සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 08 July 2025
බොරැල්ලේදී වෙඩික්කරුවන්ගේ එල්ලය වරදි බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී අද රාත්‍රීයේ පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළද එම පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදේ කුමාර වුට්ලර් මහතා පැවසීය. 08 July 2025
ශ්‍රී ලංකාව තරඟාවලිය දිනයි තරඟ තුනකින් යුකුත ශ්‍රී ලංකා - බංගලාදේශ එක් දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. ඒ වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රි ලංකා ක්‍රිඩකයෝ සමත් වූහ. 08 July 2025
ද්විත්ව බදුකරණය වලක්වන්න ඔස්ට්‍රියාව එක්ක සම්මුතියක් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැලැක්වීම සඳහා වන සම්මුතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 July 2025
ලලිත් කුගන් පරීක්ෂණයළි අරඹයි මානව ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 July 2025
ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග හිමිවෙන්න ඕනෑ ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට, මෙම වසරේ නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. තමන් ඒ බව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 08 July 2025
නිළි රැජිණට මැතිසභා විවාදයක් ලබන 25 ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8)තීරණය කළේය. 08 July 2025
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 08 July 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026