
(සුජිත් හේවාජුලිගේ)
නුගේගොඩ රැලියට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට පැහැදිලි තීරණයක් මෙතෙක් ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම පක්ෂ තුළ බරපතළ මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙන බව වාර්තාවේ.
ඇතැම් දේශපාලන පක්ෂවල පහළ නියෝජිතයන් මෙම රැස්වීමට යා යුතු බවට දැඩි බලපෑම් කරද්දී ඉහළ නායකත්වය ඊට එකඟත්වය පළ කර නැතැයි වාර්තාවේ.
සමගි ජන බලවේගයේ කමිටු රැස්වීම්වලදීද බහුතර පිරිසක් එම රැස්වීමට යා යුතු බවට ප්‍රකාශ කර ඇතත් පක්ෂ නායකත්වය ඊට අනුකූලතාව දක්වා නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ තත්වය යටතේ සමග ජන බලවේගයට සහාය දෙන ඇතැම් හවුල්කාර පක්ෂවල නායකයන් එම රැස්වීමට තනිවම සහභාගි වීමට තීරණය කර ඇත. මේ අනුව දමිළ ප්‍රගතිශීලි සංවිධානයේ නායක පී දිගම්බරම් මහතාද එම රැස්වීමට සහභාගී වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.
මේ අතර මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ද එම රැස්වීමට ආශිර්වාද පළ කර ඇතත් ඊට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර නුගේගොඩ රැලියට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ සමහර දේශපාලන පක්ෂ අවසන් මොහොතේ තීරණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි.
එසේම යම් නඩු කටයුතු පවතින විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ නායකයන්ද මෙම රැස්වීමට සහභාගී නොවීමට දැනටමත් තීරණය කර ඇතැයි දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
නුගේගොඩ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ බොහෝ දේශපාලන පක්ෂ එම රැස්වීමට සහභාගි නොවන්නේ ප්‍රතිපත්තිමය කාරණා හේතුවෙන් යැයි පැවසුවත් එවැනි තීරණ ගෙන ඇත්තේ ආණ්ඩුව සමඟ පවතින ඩීල් නිසා බවයි.
නුගේගොඩ රැලියට යනවා යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂ අතර මතුව අැති මෙම බෙදීම් හේතුවෙන් ඉදිරියේදී බරපතළ ගැටුම් පවා නිර්මාණය විය හැකි බව ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඹ ඇදීම කෙසේ වෙතත්, ඔතැන කඹ පටලා ගනී කියලයි මට හිතෙන්නේ... මේකෙන් වෙන්නේ, බේතකටවත් පුන්නක්කු ටිකක් හොයා ගන්න නැති වෙනවා නුගේගොඩ පැත්තේ.. ගව රැල බේරේ වැවට දක්කලා එකේ, ජලයත් අපවිත්ර කරයි කියලයි මට තියන බය...
ලියුම ලියලා තියෙන්නේ හිච්චි වීරප්පන් වගේ...
සත්භාවයෙන් නොකරන කිසිම දෙයක් සාර්ථක වන්නේ නැත.
ආසයි බයයි. ඒ බෝට්ටුවේ නමයි. ගියොත් යළි නොමඑන්නට. ගිය ගමනයි පාතාලේ අයියලා එළියට එනකන් ඉන්නේ මාන බලන්. කරන්න පුළුවන් දෙයක් කියන්න ඕනෑ.
යනවා නම් හෙල්මට් දාගෙන යන්න. අන්න රෑ පැත්තේ කොල්ලෝ තැඹිලි කෝම්බ වලට අසූචි පුරවනවාලු.
රබර් ඇටේකට අසූචි පුරවලා ... කැටපෝලෙන් විද්දාම හතර අතේ වැදිලා තමයි රබර් ඇටේ බිමට වැටෙන්නේ. රබර් ඇටේ ඔලුවට වැදුණට කාටවත් හානියක් වෙන්නේ නෑ. දියවන්නාවෙන්ම නාගෙන ගෙදර යයි.
විරුද්ධ පක්ෂවල අවසානය තමයි ඔය රැස්වීම. හැදි ගෑවිලාම යනවා...
හැමදාම කකුලෙන් ඇද්දේ දේශපාලු පුතාණෝ. මේ ලියුම්කරු වේලාසනින්ම මේ ගැන සදහන් කළා.. ඔහුට ඕනෑ රජකම, ආර්යාවන් තුන් දෙනෙක් සමග...
මේවාට එන අයට පිදුරු ටිකක් පාර අයිනේ තියමු.
කට්ටිය යන්නේ නැද්ද?