IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මන්නාරම් දූපතේ අලුතින් සුළං විදුලි ව්‍යාපෘති බෑ

(අංජුල මහික වීරරත්න)

ඉදිරියේදී මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ තිබේ. අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20 ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දුපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයා  අදාළ බලධාරීන්ට දැනුම්දී ඇති බව බල ශක්ති අමාත්‍යවරයා  විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.



අදහස් (4)

මන්නාරම් දූපතේ අලුතින් සුළං විදුලි ව්‍යාපෘති බෑ

RANTHA Tuesday, 04 November 2025 02:44 PM

වික්ටෝරියා කොත්මලේ ආදි ජලාශ හදන්න එහෙ මිනිස්සු තමන්ගේ උපන් ගම් පිටින් අත ඇරියා. ඒ ජනතාවට මගේ ආචාරය...

:       3       43

අන්_ර Tuesday, 04 November 2025 02:55 PM

හේලීස්ලාගේ ව්‍යාපෘතිය ගොඩ දැම්මට පස්සේ වෙන ඒවා ඕන නෑ. නජිත්ට කියන්න ඕන හේලීස්ලාට විරුද්ධ වෙන හැම එකාටම කුණුහරුප කියල මඩ ගහන්න කියලා.

:       3       7

පන්සිළු Tuesday, 04 November 2025 04:02 PM

කොටි ඩයස්පෝරාව කියන්න ඇත්තේ... එයාලාගේ ආණ්ඩුවනේ

:       14       9

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 04 November 2025 05:03 PM

අනේ මටත් පැලවත්ත කාර්යාලයෙයි, ගම්පහ මිරිස්වත්තේ ගෙදරයි නොමිලේ ටයිල් දාගන්න සල්ලි දෙන්න කිව්වා නම්, මම දාලා දෙනවානේ...! එහෙනම් මමත් ගොඩම තමයි...! කොහේද මට කියුවේ බිග් කුච්චන් හඳුන්නේතිලාගේ හිල් වෙච්චි ජංගි වලට අලුත් ජංගි අරන් දෙන්නයි...! කඩවත මාටින් මාමා, තඹුත්තේගම කොටාට අඩි උස සපත්තු දෙකක් හදලා දුන්නාම, මාටින්ට සල්ලි කීයක් හරි එවන්න කියලා විතරයිනේ...!

:       16       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site