‘මන්ත්‍රීවරුන් 225 වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම අනිවාර්ය කළ යුතුයි‘ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම මන්ත්‍රීවරුන් 225 ටම අනිවාර්ය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවැසීය. 11 September 2019
‘මහ මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් තියෙනවා‘ මහ මැතිවරණයේදී එකට තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මැතිවරණයට ඉදිරිපත් වන ‘ලකුණ‘ ගැන සාකච්ඡා කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (11) පැවසීය. 11 September 2019
වෙන්නප්පූව මන්ත්‍රීනි - සහෝදරිය තෙවැනි වරටත් රිමාන්ඩ් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනි හා ඇයගේ සහෝදරිය 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (11) නියෝග කළේය. 11 September 2019
ප්‍රීමා සමාගම තදින් සිටී වැඩි කළ තිරිගු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම ලංකාවේ සියලුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇත. 11 September 2019
රිය අනතුරින් කොස්තාපල් මරුට දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල රෝහල ආසන්නයේ දී යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 11 September 2019
නෙළුම් කුලුන 16දා ජනතා අයිතියට දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙලුම් කුලුන සැප්තැම්බර් 16 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 11 September 2019
‘‘අගමැති සමඟ කළ සාකච්ඡාව සුභවාදියි‘‘ එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය. 10 September 2019
මීගහකිවුලට - බිබිලට අයිස් වැස්සක් මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල 17 කණුව සහ අමුණේකඳුර අවට ප්‍රදේශවලට අද (10) පස්වරුවේ අයිස්කැට වර්ෂාවක් පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති. 10 September 2019
හොරොව්පොතානේ සාමණේර හිමිවරු දෙදෙනකුට පහර දුන් අයෙක් අත්අඩංගුවට හොරොව්පොතාන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටින සාමණේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙකු අද (10) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 10 September 2019
පළාත් සභා ඇමැතිවරුන්ට තීරු බදු රහිත වාහන නෑ පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වි ඇත. 10 September 2019
වජිරගේ කැබිනට් සංදේශය දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2019
‘බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරම අපේක්ෂා කරනවා’ පසුගිය ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු වලින් බොහොමයක් මේ වන විට ඉටුකර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට සහ වාර්ෂික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට වූ පොරොන්දු ඉටු කිරිම වෙනුවෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරම අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය. 10 September 2019
එම්. ජී. ෂුගර් සමාගමේ හිමිකරු ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්කි දෙයි ශ්‍රී ලංකාවාසීන් පාරිභෝජනය කරන සමස්ථ සීනි ප්‍රමාණයෙන් සියයට 92 ක්ම පිටරටින් ආනයනය කරන හෙයින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස කන්තලේ සීනි සමාගම ආරම්භ කිරීමට අදහස් කළ බව එම්. ජී. ෂුගර් පෞද්ගලික සමාගමේ හිමිකරු වන කේ. ඩිප්පයියා නාගරාජා මහතා පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්කි දෙමින් අද (10) පැවසීය. 10 September 2019
ආරක්ෂක ඇමැතිගෙන් ජනපතිට ලිපියක් ශ්‍රී ලංකා රූපවාහීනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම ගැටළු සහගත තත්ත්වයක් වන අතර එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට තර්ජනයකට ලක්වීමක්යැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ. 10 September 2019
කසකස්තාන අපරාධකරුවකු කටුනායකින් හරවා යවයි සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ, ජාත්‍යන්තර පොලීසියේ රතු දත්ත ලේඛනයේ සඳහන් කසකස්තාන ජාතිකයෙකු අද(10) උදෑසන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. 10 September 2019
රටින් ගෙන්වූ කසළ පෙට්ටි 333 කට පුරවා තබයි එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ එළිමහනේ ගොඩ ගසා තිබූ කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර එහි තැන්පත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 10 September 2019
ඉන්ධන මිල පහළට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් පහත දමා තිබේ. 10 September 2019
තිරිඟු පිටි මිල යළි අඩු කරයි රුපියල් 5.50 කින් වැඩිකළ තිරිඟු පිටිමිල නැවත අඩු කිරීමට ප්‍රිමා සමාගම ජිවන වියදම් කමිටුව අද (10) එකඟ වී ඇත. 10 September 2019
බෝරා නායකයා අගමැති හමුවෙයි බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් බම්බලපිටිය පිහිටි බෝරා පල්ලියේදී අද (10) පසුවරුවේ සිදුකෙරිණ. 10 September 2019
අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි කටයුතු අඩාලයි විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා සියලු විශවවිද්‍යාල අද(10) අඩපණ විය. 10 September 2019
මුදල් පනත් කෙටුම්පත් සංශෝධනය කිරිමේ උත්සහයක් ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකා හරිමින් මුදල් පිළිබඳ අධීක්ෂණ කාරක සභාව හරහා මුදල් නීති සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැවසීය. 10 September 2019
රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට ගැනීම වෘත්තීය ජනමාධ්‍යවේදීහු හෙළා දකිති ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තමන් දැඩි සේ හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 September 2019
පාවෙන අවි ගබඩාව සම්බන්ධ චෝදනා 7573 කට නඩු ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (10) නඩු පවරන ලදී. 10 September 2019
‘පුලතිසි’ හෙට සිට ගමන් අරඹයි කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා හෙට(11) සිට නව දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2019
තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. 10 September 2019
බ්ලූ මැන්ඩල් සංඛ 24 දක්වා රිමාන්ඩ් දිනේෂ් එරංග නොහොත් කළු බෝලේ (32) යන අය වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියකට සම්බන්ධව අධිකරණයට බාර වූ රණසිංහ ආරච්චිලාගේ සංඛ හෙවත් ‘බ්ලූ මැන්ඩල් සංඛ‘ ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (10) නියෝග කළාය. 10 September 2019
කුඩු රොෂාන් ඇතුළු 13 දෙනා යළි රිමාන්ඩ් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය නියෝග කළාය. 10 September 2019
කැබිනට් ඇමැතිවරු 8කට එරෙහිව පැමිණිල්ලක් වත්කම් ප්‍රකාශයට පත්නොකළ කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 10 September 2019
පානදුර උතුර පොලිසියෙන් අතුරුදන් වූ ටී- 56 ගිනි අවි අකුරැස්සෙන් හමුවේ පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 10 September 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026