හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු කේරළ ගංජා සුඛෝපභෝගී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීහු පවසති. 09 September 2019
කොළඹ - බදුල්ල තැපැල් දුම්රියෙන් ඇද වැටී මගියෙක් මරුට කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කළ මගියෙකු අද (9)උදෑසන බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසළදී දුම්රියෙන් බැසීමට යාමේදී ඇද වැටී බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 09 September 2019
‘‘මගේ ඡන්දය රටට ආදර්ශමත් නායකයකුට‘‘ මේ රටට ඕනේ ආදර්ශමත් සහ ජනතාවට විශ්වාස නායකයකු බවත් තමන්ගේ ඡන්දය ලැබෙන්නේ එවැනි නායකයකුට පමණක් බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා අද (8) පැවසීය. 08 September 2019
ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමේ නිවේදනය 30 වැනිදා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනි දින නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2019
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 08 September 2019
යුද හමුදා විශ්‍රාමිකයින් 25000 ට වැටුප් වැඩිවීමක් 2019 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවක විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ගැලපීමේදී යුද හමුදා විශ්‍රාමිකයින් 51000 ක් අතරින් 25000 කගේ පමණ වැටුප් වැඩිවීමක් අනිද්දා (10) ට යෙදී ඇති විශ්‍රාම වැටුප් දිනයේදී සිදුවන බව යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලය පවසයි. 08 September 2019
මුන්නේශ්වරම් ගිනි පෑගීම අද මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ නිකිණි මහෝත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගිනි පෑගීමේ පූජාව අද ( 08 ) පස්වරු 6.30 ට පමණ දේවාලය අභියසදී ඇරඹිණි. 08 September 2019
මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක් දඹදිව වන්දනාවේ ගොස් ආපසු එන පිරිස් සමඟ මැලේරියා රෝගය යළි මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පවසයි. 08 September 2019
සාලින්දගේ පුරප්පාඩුවට එන අපේක්ෂකයාගේ නම ඇතුළත් ගැසට්ටුව හෙට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවට පත් කෙරෙන අපේක්ෂකයාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය හෙට (09) නිකුත් කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 08 September 2019
දියේ ගිලී තරුණයන් 2 ක් මරුට දඹුල්ල දඹුලු හල්මිල්ලෑව තෙලදින්නන් වැව ප්‍රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අද (08) සවස 6.30 ට පමණ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 08 September 2019
බෝරා සමුළුව හෙටින් අවසන් ඩාවුඩි බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව හෙට (09) අවසන් වේ. 08 September 2019
ජාතික නිදහස් පෙරමුණේ 03 වන මහා සමුළුව අද ජාතික නිදහස් පෙරමුණේ 3 වන ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ඇරඹිණි. 08 September 2019
‘‘අලුතින් තවත් විද්‍යා පීඨ දෙකක් පිහිටුවනවා‘‘ විද්‍යාව සහ ගණිතය ඇතුලු විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් තවත් විද්‍යා පීඨ දෙකක් පිහිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 08 September 2019
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපි ගොණු තොගයක් පුළුස්සා විනාශ කරලා මධ්‍යම පළාත් සභා මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපිගොණු තොගයක් එහි හිටපු සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසක් විසින් ඉකුත් මාර්තු මාසයේදී වාහන 03 කින් මහවැව රක්ෂිතය වෙත ගෙන ගොස් පුළුස්සා විනාශ කර ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණය විය. 08 September 2019
‘අධ්‍යාපනය දෙන්න පුහුණු ගුරුවරු යොදවන්න කටයුතු කළේ නෑ’ රට දියුණු කරන බවට කයිවාරු ගැසූ රාජපක්ෂ ආණ්ඩුව දරු දැරියන්ට අධ්‍යාපනය ලබා දීමට පුහුණු ගුරුවරුන් යෙදවිමට පවා කටයුතු කළේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 08 September 2019
විපක්ෂ නායක-සෞදි කතානායක අතර හමුවක් සෞදි අරාබියානු පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඉබ්රහීම් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (08) විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත් විය. 08 September 2019
රනිල්-සජිත් හමුව කල්යයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුව අනිද්දා (10) පැවැත්විමට නියමිතව ඇතැයි එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2019
ඩිප්ලෝමාධාරීන් 4286 කට ගුරු පත්වීම් වර්ෂ 2015/2017 අධ්‍යයන වර්ෂවල තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීම අද (8) සිදුවිය. 08 September 2019
රට පුරා රෝහල්හි 10 වැනිදා පැය 4ක සංකේත වර්ජනයක් ඉල්ලීම දහයක් මුල් කරගනිමින් රටපුරා සියලූම රෝහල්හි අගහරුවාදා (10) පැය හතරක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සමස්ත ලංකා සුවසේවා සංගමය සැලසුම් කර තිබේ. 08 September 2019
ගජධීරගේ අසුනට මනෝජ් සිරිසේන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් පුරප්පාඩු වන මන්ත්‍රීධුරය සදහා දකුණු පළාත් සභාවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා පත් කෙරෙනු ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 08 September 2019
ට්‍රම්ප් - තලෙයිබාන් සාම සාකච්ඡා අවලංගුයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තලෙයිබාන් සංවිධානය සමඟ අද පැවැත්වීමට සැලසුම් කර තිබූ සාම සාකච්ඡා අවලංගු කර ඇත. 08 September 2019
කහතුඩුවේ යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනෙකු මරුට යතුරු පැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු අද (8) අලුයම කහතුඩුව දියගම පාරේ දී දුරකථන කණුවක හා කොට්ටං ගසක ගැටී සිදුවූ අනතුරින් මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි. 08 September 2019
මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙන්න පෙරම රාජකාරියට පොලිස් ලොක්කෙක් මැතිවරණ රාජකාරි බාර නිලධාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 September 2019
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි පිරිසක් අතරින් රෝගී ව සිටි කාන්තාවක සහ පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 08 September 2019
චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානයේ සබඳතා ගිලිහී යයි සඳ මතට ගොඩබැස්සවීමට මොහොතකට පෙර චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානය සමග තිබූ සබඳතා ගිලිහී ගිය බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි. 07 September 2019
කෝට්ටේ රජමහා විහාරයේ රන්දෝලි පෙරහර අද ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවයේ රන්දෝලි මහා පෙරහර වීදි සංචාරයේ කිරීම අද (06) රාත්‍රියේ දී සිදුකෙරිණි. 06 September 2019
මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 06 September 2019
මාලිංග කඩුලු 100 යි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 06 September 2019
සහරාන් - හේමසිරි - පූජිත එකම නඩුවේ විත්තිකරුවන් ලෙස චෝදනා ගොනු කරයි පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් නමැත්තා සමඟ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එකම නඩුවේ විත්තිකරුවන් වශයෙන් චෝදනා ගොනු කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (06) පැවසීය. 06 September 2019
මහජන බැංකුවේ රැකියා දෙන්නැයි මුදල් ඇමති නම් 1800 ක් යවලා මහජන බැංකුවට කාර්යාල සහයකයින් ලෙස බඳවා ගන්නැයි දන්වමින් මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි මාසයේදී බැංකුවේ සභාපතිවරයා වෙත 1800 දෙනකුගේ නම් ලැයිස්තුවක් එවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය විය. 06 September 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026