රාජ්‍ය-පෞද්ගලික අංශයන්ට සතියක් නිවසේදී රැකියා කටයුතු කරන්නැයි උපදෙස් හෙට(20) සිට ලබන සිකුරාදා(27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරී කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ. 19 March 2020
බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානයක් අද දහවල් කටුනායකට දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයෙන් අද (19) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 19 March 2020
ඇමෙරිකාව තරුණ පරපුරට අනතුරු අඟවයි කොරෝනා වයිරසය වැඩිහිටියන් අතර පමණක් නොව, තරුණ පිරිස අතරද ව්‍යාප්තවෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු සහ විශේඥවරු අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. 19 March 2020
මර්වින් සිල්වා අ‘පුරෙන් නාම යෝජනා බාර දෙයි හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ අනුරාධපුරයෙන් තරග වැදීමට නියමිත අතර අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා සමඟ නාමයෝජනා භාර දීම සදහා අද (19) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියේය. 19 March 2020
මිනිසුන් නොමඟ යවන තොරතුරුවලට ට්විටර් වැට බඳී වයිරසය මැඬලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නොතකා හරිමින්, ඊට විරුද්ධව ජනයා උසිගන්වන ආකාරයට පළවන තොරුතුරු සිය ගිණුම්වලින් ඉවත් කරගන්නා ලෙස ට්විටර් සමාගම ජනයාගෙන් ඉල්ලීමක් කරයි. 19 March 2020
විජයකලා යාපනයට නාමයෝජනා බාරදෙයි එක්සත් ජාතික පක්ෂය විසින් යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් හිටපු අමාත්‍යවරියකු වූ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නායකත්වයෙන් නාමයෝජනා බාරදෙනු ලැබීය. 19 March 2020
කොරෝනා ආසාදිත ඉතාලි ජාතිකයෙක් රැදී සිටි හෝටල් කාමරයකට සීල් කොරෝනා වසංගතය ආසාදනය වි ඇති බවට තහවුරු වු ඉතාලි ජාතිකයකු වෙන්නප්පුව වයික්කාල කම්මල සුඛෝපභෝගි සංචාරක හෝටලයක, කාමරයට සිල් තැබිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත. 19 March 2020
විග්නේෂ්වරන් යාපනයට නාම යෝජනා බාර දෙයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් තවත් පක්ෂ තුනක් සමඟ සන්ධානගතව යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය. 19 March 2020
කොරෝනා හේතුවෙන් මහජනතාවට රජයෙන් සහන වියළි කාලගුණයෙන් කුඩා තේවතු හිමියන්ට සිදු වූ පාඩුවට රුපියල් බිලියන 3 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. 19 March 2020
ජොන්ස්ටන් පොහොට්ටුවට කුරුණෑගලින් නාමයෝජනා දෙයි කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමේ නාමයෝජනා අද (19) කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයාට බාරදීම සිදුවිය. 19 March 2020
කොරෝනා මඬින්න අතිරේකව මිලියන 500ක් කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් අතිරේකව මිලියන 500 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. 19 March 2020
ඥානසාර හිමියෝ නාමයෝජනා බාරදෙති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාරදුන්හ. 19 March 2020
බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වහන්න යයි කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පාසල් වසාදැමීමට සහ ජාතික මට්ටමේ විභාග කල්දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. 19 March 2020
ඖෂධ හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක් පසුගිය වසරේ( 2019) ශ්‍රී ලංකාවට ගෙන්වූ ඖෂධවල හිග මුදල් බිල්පත් ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය තිබේ. 19 March 2020
පොහොට්ටුව බදුල්ලට නාමයෝජනා බාරදෙයි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා බාරදීම අද (19) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි. 19 March 2020
කොරෝනා යැයි සැක ප්‍රංශ ජාතිකයකු ඇල්ලේ නවාතැන් ගෙන කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති ප්‍රංශ ජාතිකයකු ඇල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක දින දෙකක් නතර වී සිටි බව අනාවරණය වී තිබේ. 19 March 2020
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 19 March 2020
’දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා’ කොරෝනා වසංගතය ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් එරට චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය ප්‍රකාශ කළාය. 19 March 2020
විදෙස් රටවල සිටින ලාංකිකයන්ගේ වීසා දීර්ඝ කරන්නැයි ඉල්ලයි දැනට සංචාර සඳහා විදේශ රටවල් වලට ගොස් සිටින , කොරෝනා වයිරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන්නැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 19 March 2020
ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය . 19 March 2020
ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට කොරෝනා වයිරසය හේතුවෙන් අද (18) දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 475ක් වාර්තා වූයේ යැයි එරට බලධාරීහු කියති. 19 March 2020
ඇදිරි නීතිය උදේ 8.00 ට තාවකාලිකව ඉවත් කෙරේ පුත්තලම පොලිස් අධිකාරී බලප්‍රදේශය , හලාවත පොලිස් අධිකාරී බලප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරී බලප්‍රදේශය කොච්චිකඩේ පොලිස් වසමට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද (19) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා තාවකාලිකව ඉවත් කර නැවත පස්වරු 2.00 ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවසීය. 19 March 2020
පුද්ගලයින් 65 දෙනෙකුට නිවෙස් තුළ රැඳී සිටින ලෙස නියෝගයක් ඉතාලිය ඇතුළු විදේශ රටවල් කිපයකින් පැමිණ ඇති පුද්ගලයින් 65 දෙනෙකුට දින 14 ක් යන තුරු නිවෙස් තුළ රැඳී සිටින ලෙස මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් හේෂාන්තද මෙල් මහතා තහනම් නියෝගයක් අද (18) නිකුත් කළේය. 18 March 2020
රටවල් 170ක් පුරා කොරෝනා වෛරසය පැතිරයයි කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් ඉරානයෙන් 1192ක්ද, ජර්මනියෙන් 1935ක්ද, ඇ.එ.ජනපදයෙන් 1127ක්ද, ස්පාඤ්ඤයෙන් 2084ක්ද වාර්තා වී ඇත. 18 March 2020
ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් ගෙවල්වල ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට පාසල්, විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපනික ආයතනවලට යෑමට නොහැකි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය අද (18) ප්‍රකාශ කළේය. 18 March 2020
දඹදිව වන්දනාකරුවන් 300 ක් මහාබෝධි මධ්‍යස්ථානයේ ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 300 කට අධික පිරිසක් නවදිල්ලියේ පිහිටි මහාබෝධි මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය. 18 March 2020
ඇල්ලේ 53 දෙනෙක් ස්වයං නිරෝධායනයට ඇල්ල නගරයේ ප්‍රධාන සංචාරක හෝටල් හතරකට අයත් 53 දෙනෙකු අද (18) සිට දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතැයි ඇල්ල පොලිසිය පැවසීය. 18 March 2020
සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 22 ම හෙට නාම යෝජනා දෙයි සමගි ජනබලවේගය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම හෙට (19) නාමයෝජනා භාර දෙන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය. 18 March 2020
බඹරකන්ද ඇල්ල ආශ්රිත සංචාරක කලාපය වහයි කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් බඹරකන්ද ඇල්ල ආශ්රිත සංචාරක කලාපය අද ( 18 ) සිට නැවත දැනුම් දෙන දෙන තුරු තාවකාලිකව වසා දමනු ලැබූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවසීය . 18 March 2020
කොරෝනා ගැන දැනගන්න විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අංක 4 ක් ලොව පුරා ව්‍යාප්තව යමින් පවතින කෝවිඩ් -19 හෙවත් කොරෝනා වයිරසය සහ එහි ව්‍යාප්තිය පිළිබඳව සත්‍ය සහ නිවැරදි තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබේ. 18 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026