ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 115 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 29 March 2020
කල්පිටියේ නාවික හමුදා කඳවුරක වෙඩි තැබීමකින් අයෙක් මරුට කල්පිටිය - මොහෙත්තුවාරම දූපතේ නාවික හමුදා කඳවුරක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි. 29 March 2020
ඇඳිරිනීතියේදී බෙහෙත් තුණ්ඩුවක් ගෙන මත්කුඩු ජාවාරමේ ගිය අයෙක් අත්අඩංගුවට ඇදිරි නිතිය තිබියදි බෙහෙත් තුන්ඩුවක් රැගෙන බෙහෙත් රැගෙන යන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ යෙදි සිටි පුද්ගලයකු පිංකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි. 29 March 2020
කොරෝනා වයිරසයෙන් ඉතාලියේ මිය ගිය ගණන 10,000 ඉක්මවයි ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 10,000 ඉක්මවා ඇතැයි එරට සිවිල් ආරක්ෂක ආයතනයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. 29 March 2020
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 410 ක් වාර්තා වේ. 29 March 2020
ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 28 March 2020
ලංවීම ඉංජිනේරු සංගමයෙන් පානදුර මහ රෝහලට උපකරණ පරිත්‍යාගයක් රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ සහ අයි සී යූ ඇඳන් තුනක් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් අද (28) පානදුර මහ රෝහලට පරිත්‍යාග කළේය. 28 March 2020
ආහාර බෙදාදීම ගැන මුහුණපොතේ අපහාස සටහන් පළ කළ අයෙක්ට පරීක්ෂණයක් බද්දේගම ප්‍රාදේශිය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් ඊයේ සහ අද දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය බෙදාදිම අපහාසයට ලක් කරමින් මුහුණු පොතේ සටහන් තබන ලද පුද්ගලයෙකුට එරෙහිව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අද(28) සවස බද්දේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 28 March 2020
හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ. 28 March 2020
අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි. 28 March 2020
කරාපිටිය රෝහලට විශේෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාගයක් කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී අත්‍යවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල 125 ක්, රෙදි සෝදන යන්ත්‍රයක්,විශේෂිත ආරක්ෂිත කැමරාවක් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්රදානය කිරීම අද (28) සිදුවිය. 28 March 2020
ඉන්දියාවේ දුම්රිය කොරෝනා ප්‍රතිකාර වාට්ටු කරයි ඉන්දියාවේ දුම්රිය කිහිපයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රථිකාර කිරීමේ වාට්ටු බවට නවීකරණය කිරීමට සැලසුම් කර ඇතැයි එරට බලධාරීහු පවසති. 28 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව අද (28) වැනිදා රාත්‍රි වන විට 113 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 March 2020
කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම කොරෝනා වයිරසය ආසාදනය වී ස්විට්සර්ලන්තයේදී මියගිය ප්‍රථම ලාංකිකයාගේ දේහය පිළිබද අවසන් කටයුතු එරටදීම සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 28 March 2020
’ඉන්දියාව වසා දැමුවද ලාංකික සිසුන් ගැන රජය සොයා බලනවා’ කොරෝනා වයිරස වසංගතය හමුවේ සති තුනකට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු සදහා රැදී සිටින 600 කට ආසන්න ශ්‍රී ලාංකික සිසුන් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී. 28 March 2020
යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි. 28 March 2020
ලංකාවටම තවමත් ඇඳිරි නීතිය මේ වනවිට සමස්ත දිවයින පුරා ක්‍රියාත්මකව පවත්නා ඇදිරි නීතිය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට 30 සදුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර යළි එදින පස්වරු 2.00 සිට ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි. 28 March 2020
ජපානයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස සිටි මධ්‍යස්ථානයක 57කට කොරෝනා ජපානයේ චිබා දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස සඳහා වූ මධ්‍යස්ථානයක පුද්ගයන් 57දෙනකුට කොරෝනා වයිරස රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. 28 March 2020
අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙක් මරුට කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 28 March 2020
ඇමෙරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන 1.3 ප්‍රදානයක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලයන 1.3 ප්‍රදානයක් කීරීමට එරට රජය තීරණය කර ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය. 28 March 2020
පුත්තලමේ කොරෝනා ආසාදිතයාගේ නිවසේ පිරිස-තවත් නිවාස දෙකක පිරිස් නිරෝධායනයට කොරෝනා ආසාදිතයකු බවට මේ වන විට හදුනාගෙන ඇති පුත්තලම කඩුමයන්කුලම් විදියේ තැනැත්තා පදිංචි නිවසේ පිරිස හා මොහු සමග සම්බන්ධතා පැවැත්වු නිවාස දෙකක පිරිස දින 14 ක නිරෝධායන කටයුතුවල යෙදවිමට සෞඛ්‍ය අංශ අද( 28 ) පියවර ගැනිණි. 28 March 2020
ලෝකයට සෙත් පතා වතිකානයේදී විශේෂ දේව මෙහෙයක් නව කොරෝනා වෛරස වසංගතය හමුවේ ලෝකයට සෙත් පතා රෝමයේ වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබීය. 28 March 2020
ගුවන් හමුදාව දින 10න් හැදූ ගොඩනැගිලි දෙකක් අයිඩීඑච් රෝහලට කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාදා නිමකළ අංග සම්පූර්ණ ගොඩනැඟිලි ද්විත්වය අද(28) එයාර් කමාන්ඩර් උදුල විජේසිංහ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙන ලදී. 28 March 2020
බලන්ගොඩ රෝහලෙන් රෝගීන්ට උපදෙස් ගන්න දුරකථන අංක කිහිපයක් කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම අඩුකිරීමේ පියවරක් ලෙස රෝහලට පැමිණීම සීමා කරමින් සායනික කටයුතු ඇතුලු සියලුම සෞඛ්‍ය සේවාවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට දුරකථන අංක කිහිපයක් අද බලන්ගොඩ මූලික රෝහලේ දී ක්‍රියාත්මක කෙරිණි. 28 March 2020
ඉන්දියාවේ කොරෝනා මරණ 19 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මේ වන විට පුද්ගලයෝ 19 දෙනෙක් මරණයට පත්වී සිටිති. 28 March 2020
ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි කොරෝනා වයිරස රෝගියෙකුට රහසිගතව ප්‍රතිකාර කළ උස්බෙකිස්තාන වෛද්‍යවරයෙකු කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ. 28 March 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 6 ඉක්මවයි ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. 28 March 2020
ලංකාදීප කෙටි පණිවිඩ අද සිට ලොව වැදගත් සිදුවීම් ඔබගේ ඡංගම දුරකතනය හරහා එසැණින් ලබාදීමේ ලංකාදීප කෙටි පණිවුඩ සේවාව අද සිට ක්‍රියාත්මක කිරීමට සීමාසහිත විජය පුවත්පත් සමාගම පියවර ගෙන ඇත. ලංකාදීප වෙබ් අඩවිය හරහා එසැනින් ලොව වැදගත් තොරතුරු ඔබට ලබාදුන් අපි තවත් පියවරක් ඉදිරියට තබමින් කෙටි පණිවිඩ සේවාව පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු. 28 March 2020
අටුළුගම සිට කහවත්තට පැමිණි පිරිසක් නිරෝධායනයට බණ්ඩාරගම අටුළුගම සිට කහවත්ත නුගවෙල ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු අද (28) නිවාස දෙකක නිරෝධායනයට යොමු කර තිබේ. 28 March 2020
රත්මලානට සහන මලු නෑ දෙහිවල ගල්කිස්ස නගරසභා බලප්‍රදේශයේ රත්මලාන කාශියාමාවත,ගාමිනි මාවත ඇතුලු වෙඩිකන්ද ජනතාවට මෙතෙක් අත්යවශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම නිසා දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ප්‍රදේශවාසින් පවසයි. 28 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026