නිරෝධායන නීතී උල්ලංඝනය කළ 17 දෙනකුට දඩ නිරෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රෙගුලාසි නියමයන්ට අකීකරු වීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් 17 දෙනෙකුට එක අයෙකුට රුපියල් 3 000 බැගින් 51,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා 29 වෙනිදා නියම කළේය. 29 May 2020
හොරායින් ළඟ තබාගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 83ක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් කිරිම යන අධි චෝදනාවන්ට වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (29) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. 29 May 2020
කොරෝනා කතාව ගැන ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක් ‘මගේ ප්‍රකාශය වැරදි ඒක දන්නා එපා කියලා එදිනම මම සියලූ මාධයෙන් ඉල්ලා සිටියා. නමුත් එක් මාධ්‍ය ආයතනක් පමණක් එය විකාශය කළා.’කොරෝනා ආසාදිත තිදෙනකු මියගොස් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මාධ්‍යට අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා එසේ පැවසීය. 29 May 2020
අල්ලස් ගත් ප්‍රා.ලේ - සැළසුම් අධ්යක්ෂ රිමාන්ඩ් නිල නොවන කොන්ත්රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන අක්කරෙයිපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ සැලසුම් අධ්යක්ෂවරයා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් එම්. එච්. එම්. හම්සා මහතා නියෝග කළේය. 29 May 2020
කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව පෙනී යනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් යම් හෙයකින් මෙම පෙත්සම විභාගයට අවසර දී පෙත්සම විභාගය අවසන් වනතුරු අතුරු නියෝගයක් දුනහොත් මැතිවරණ පැවැත්වීමට වසර ගණනාවක් යන බවත් මින් කියැවෙන්නේ මැතිවරණ කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව යැයි මැතිවරණයට පක්ෂව සහ එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී 29 May 2020
කෘෂිකාර්මික බෝග ප්‍රවාහනයට දුම්රිය යොදාගන්නැයි ඇමැති කියයි දිවයිනේ විවිධ පළාත්වල නිපදවන කෘෂිකාර්මික බෝග නගරවලට ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය යොදාගන්නැයි මගී ප්‍රවාහන කළමණාකරන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුමිරිය සාමාන්‍යධිකාරිවරයාට උපදෙස් දී තිබේ. 29 May 2020
කටුනායක ගුවන්තොටුපළට පී.ආර්.සී පරීක්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කීරීමට රජය තීරණය කර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 29 May 2020
ලංකාවේ සිරවී සිටි ඉන්දියානුවෝ 170 ක් ගෙන යති කොරෝනා වසංගත රෝග තත්වය නිසා ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 170 ක් යළි ඉන්දියාවට රැගෙන යෑමට ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද 29 දින උදෑසන මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 29 May 2020
මන්දකට හසුවී සිටියදි මුදාගත් කළු කොටියා මිය යයි නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වී සිටියදී මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරීහු පවසති. 29 May 2020
පොලීසිය කරන්නේ ඇඟ බේරාගැනීමයි තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ලාගේ ඡායාරූප රාජ්‍ය බුද්ධි අංශයේ ඇති බවත් ඔවුන්ගේ ඡායාරූප ගැනීම රාජ්‍ය බුද්ධි අංශයේ වගකීමක් බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පරිසර හා ප්‍රජා පොලිස් කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා පැවැසීය. 29 May 2020
සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක් කොළඹ අපරාධ කොට්ඨාශයට අද (29) පැමිණි සරත් ෆොන්සේකා මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබේ. 29 May 2020
නිදහසින් උදම්වනවා සේම ආරක්ෂාව ගැනත් සිතන්න දින හැටහතකට පසුව රට ඇඳිරියෙන් මිදුණේය. එහිදී විමසිලිමත් බව සමඟ මුසු වූ සතුටක් සියලු පුරවැසියන්ට දැනුණු බව මහ මාර්ගවලට පිවිසුණු සියලු දෙනාට දැකගත හැකි විය. දින 67ක් පුරා කොළඹ නගරය පුරා නොතිබුණු මහාමාර්ග තදබදය පසුගිය අඟහරුවාදා (25) සිට දැකගන්නට ලැබිණි. එසේ වුවද මාර්ග තදබදයට එරෙහිව නිරතුරුවම මහජනතාවගෙන් නැඟෙන ආවේගශීලී ප්‍රතිචාර නම් අසන්නට දකින්නට නොතිබුණේය. 29 May 2020
අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොළ ක්‍රීඩාංගණයට අභාවප්‍රාප්ත, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොල ක්‍රිඩාංගණය වෙත අද (29) උදැසන රැගෙන ආවේය. 29 May 2020
පොහොර ඉල්ලා ගොවීහු පාරට බසිති තම වගාවන් වලට අවශ්‍ය පොහොර ඉල්ලා කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන මාර්ග වසා විරෝධතාවයක නිරත වෙද්දී දඹුල්ල ප්‍රදේශයේ ගොවීහු අලුයම් කාලයේ සිට පොහොර ලොරි එනතුරා වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් වල සිටිති. 29 May 2020
අශ්ව පැටවෙකු සොරාගත් දෙදෙනකු රිමාන්ඩ් මාස දෙකක් වයසැති අශ්ව පැටියකු සොරාගෙන ගිය බවට චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගකෝන් මහතා නියෝග කළේය. 29 May 2020
නිරිතදිග මෝසම ඇරඹේ නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතින නිසා ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිත දිග කලාපයෙහි වැසි තත්වය තදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 May 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් 8 වැනි දිනටත් සලකා බැලේ පවතින නීතී උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව කොවිඩ් 19 සාර්ථකව මර්දනය කර ඇති බව පැහැදිලිවම පෙනී යන හෙයින් නව නීතී සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීමට අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය. 28 May 2020
‘හොංකොං’වලට තවදුරටත් විශේෂයෙන් සලකන්න බැහැ : ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ විශේෂ සැලකිලි ලැබීමට ‘හොංකොං’ තවදුරටත් සුදුසු නැතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය. 28 May 2020
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සුදානම් වෙන්නැයි මුද්‍රණාලයාධිපතිනියට කොමිසම කියයි මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියට අද (28) දැනුම් දී ඇත. 28 May 2020
දරුවන් පාසල් ගෙන්වන්න තිබෙන විශාලම අභියෝගය පොදු ප්රවාහනයයි පාසල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කිරීමට තවත් සතියක් හෝ දෙකක් පමණ ගතවනු ඇතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (28) පැවැසීය. 28 May 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 158,300 ඉක්මවයි අඛණ්ඩව නවවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (28) හයදහස ඉක්මවා ගියේය. 28 May 2020
කුවේට් සිට පැමිණ ආසාදිතවු 65ක් හම්බන්තොට රෝහලට කුවේට් රටේ සිට පැමිණ ත්‍රිකුණාමලය චින වරාය යුද හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකර සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වු බවට තහවුරුවූ රෝගින් 65ක් ප්‍රතිකාර සඳහා අද(28) හම්බන්තොට පැරණි රෝහල වෙත ගෙන එන ලද බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 28 May 2020
දකුණු කොරියාව නැවතත් වයිරස පාලන සීමා පනවයි නව කොරෝනා වයිරස පොකුරු කිහිපයක් හඳුනාගැනීමත් සමඟ නැවත වරක් වයිරසය ව්‍යාප්ත වීමට පාලනය කිරීම සඳහා සීමා පැනවීමට දකුණු කොරියාව අද (28) පියවර ගත්තේය. 28 May 2020
මාලේ-ලන්ඩන්-මෙල්බන් වලට ශ්‍රීලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28) දින කටුනායක ගුවන් තොටුපළේ සිට මාලේ , ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. 28 May 2020
ඉන්දියාවේ ප්‍රාන්ත පහකට පළඟැටියෝ කඩාවදිති පාකිස්තානයේත් නැගෙනහිර අප්‍රිකාවේත් වගාබිම් අක්කර ගණනක් විනාශ කළ කාන්තාර පළඟැටියන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත පහකට කඩා වැදී ඇත. 28 May 2020
ප්‍රවීණ පරිවර්තක තොම්සන් ඒ. වැන්දබෝනා සමුගනී ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පරිවර්තකයකු, ලේඛකයකු වූ තොම්සන් ඒ. වැන්දබෝනා මහතා අභාවප්‍රාප්ත වී ඇත. 28 May 2020
ඩෙංගු අවදානමෙන් මේ වසරේදී 20 ක් මිය ගිහින් ඩෙංගු රෝගයෙන් මේ වසරේ 20 දෙනකුත් පසුගිය වසරේ 150 දෙනකුත් මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 28 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1486 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1486 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 28 May 2020
අඩුආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර සලාකයක් අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආහාරවේලක් හිමි සිසුන් ලක්ෂ 12කට පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන් වෙන් කළ යුතු මුදලින් වියළි ආහාර මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 28 May 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026