විෂ පොල් තෙල් හෙට මැලේසියාවට ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට පරීක්ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට හෙට (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි 05 April 2021
පොලිස් ජිප් රියේ ගැටී අයෙක් මරුට තිහගොඩ පොලිසියට අයත් ජිප් රථයේ හැපුන පුද්ගලයකු මාතර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද (04) රාත්‍රි මියගොස් ඇතැයි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 05 April 2021
විභාග දෙකක ප්‍රතිඵල දෙන දවස් ඇමැති කියයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරිමට අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 04 April 2021
පැය තුනකින් පී.සී.ආර් වාර්තා අතට විදේශීය සිට පැමිණෙන සංචාරකයනට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් වාර්තාව ලබා ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි ගුවන්තොටුපළ පර්යේෂණාගාරය විධිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 04 April 2021
රන්ජන්ගේ මන්ත්‍රි ධූරයේ තිරණය හෙට රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැත්ද? යන්න පිළිබඳ නියෝගය හෙට(05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 04 April 2021
පිහි ඇනුමකින් අවසන් වූ කසාද යෝජනාව බාල වයස්කාර දැරියකට වයසින් වැඩි අයකු හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරලීමට අනුබල දුන් බව කියන තරුණියකට තියුණු ආයුදයකින් පහරදී මරා දමා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 04 April 2021
පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට පුපුරන ද්‍රව්‍ය තොගයක් සන්තයේ තබාගත් පුද්ගලයින් සිවි දෙනකු අද අළුයම් කාලයේ අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 04 April 2021
“රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘ විදේශවල සිට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කර නුසුදුසු භාණ්ඩ වෙළෙඳ පොළෙන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 04 April 2021
රන් කිලෝ එක හමාරක් ගුවන්තොටෙන් අල්ලයි රුපියල් කෝටිකයට අධික වටිනාකමින් යුත් කිලෝ එකහමාරක් බර රන් ආභාරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අද (04 පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු අධ්යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි. 04 April 2021
‘‘වන විනාශය නවත්වන බලය ජනතාව අතේ‘‘ කඩාවැටුණු ආර්ථිකය ගොඩනගමින් ඉදිරියට යාමට සැලසුම් සකස් කළ යුතුව ඇත්තේ හරිත ආර්ථික සංකල්පවලට අනුව යැයි ද එක්සත් ජාතික පක්ෂය ලෝක පරිසර නීති ද අධ්‍යයනය කර නව පරිසර ප්රකාශනයක් සම්පාදනය කළේ යැයිද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 04 April 2021
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවලට මාධ්‍ය බැහැ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වාර්තා කිරිමට මාධ්‍යවේදීන් සහභාගීවිම වළක්වමින් ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා චක්‍රෙල්ඛයක් නිකුත් කර ඇත. 04 April 2021
පස් කන්දක් ඇඟ වැටී අයෙක් මරුට,දෙකකට තුවාල තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයන් තිදෙනකු මතට පස් කන්දක් කඩා වැටී එක් අයකු මියගොස් ඇතැයි ආගරපතන පොලීසිය පවසයි. 04 April 2021
‘‘විෂ පොල්තෙල් වගකිව යුත්තන් වහා අත්අඩංගුවට ගන්න‘‘ මාරක පිළිකාකාරක පොල්තෙල් ආනයනය කළ සහ ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දුන්නේය. 04 April 2021
‘‘ෆේස් බුක්‘‘ මඩ බැරිවෙන හැඩ සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇත. 04 April 2021
‘‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දහයක් මෙරටට ගෙන්වා ගන්නවා‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරයට විවිධ අයුරින් සම්බන්ධ වී ඇතැයි කියන අන්තවාදී කණ්ඩායම්වල දස දෙනකු විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. 04 April 2021
බෝඩිම් කාමරයෙන් ගංජා කිලෝ 88ක් මතුවේ මල්වානේ වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 88ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 04 April 2021
විෂ පොල්තෙල්වලට විරෝධයක් නාවලපිටියේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පිළිකා කාරක පොල් තෙල් ආනයනය කිරිම, ජිවන වියදම ඉහල යාම සහ පරිසර විනාශයට විරෝධය පාමින් නාවලපිටිය නාවලපිටිය නගර මධ්‍යයේ අද (04) උද්ඝෝෂණයක පැවැත්විණි. 04 April 2021
කාසල්රී රක්ෂිතයේ අක්කර දෙකක් ගිනි රකුසට කාසල්රි ජලාශ රක්ෂිතයේ (04) පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 04 April 2021
ලේ නෑයන් සිහි වී සිත වාවනු බැරි වී.... 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් සිහිකිරීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එම ප්රහාරයන් එල්ල වූ දේවස්ථානයක් වෙත අද (4) පෙරවරුවේ පැමිණියහ. 04 April 2021
මුහුදෙ ගසාගෙන ගිය තුනක් බේරා ගැනෙති: අයෙක් මරුට මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටි පිරිසක් රළ පහරකට හසුව ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් තිදෙනකු බේරාගෙන ඇති අතර එක් අයකු දියේ ගිලි මියගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි. 04 April 2021
‘‘ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක්‘‘ ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් ඇතැයි යන්න සත්‍යයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. නමුත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල, සාලාව, කොස්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. 04 April 2021
තෙවසරක් තිස්සේ පාරේ වැඩ එතනමයි:ගැමියෝ පාරට බසිති වසර තුන හමාරක් තිස්සේ වැඩ අතරමග නැවති තිබෙන හොප්ටන්-බිබිල මාර්ගය ඉදිකර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු ලුණුගල නගර මධ්‍යයේ අද (04) දවල් උද්ඝෝෂණයක නිරතව වූහ. 04 April 2021
හොරණ දේවස්ථානයක් අසලදී දෙකක් සැකපිට හොරණ ගල් ඒදඩු ගොඩ ශාන්ත ෆොරස්ට් දේවස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි . 04 April 2021
අස්වැන්නේ අග්‍රභාගය බුදුන්ට පූජා කරයි නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදි අද පැවැත්විණි. 04 April 2021
‘‘ඉන්දියාවට වැඳල හරි එන්නත් ලබාගන්න‘‘ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකිව සෞඛ්‍ය බලධාරීන් විවිධ කතා කියමින් සිටින්නේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. 04 April 2021
මහනුවරින් කොරෝනා රෝගීන් 14ක් මහනුවර නගරයේ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 April 2021
‘‘එදා යුතුකම් අමතක කර යළි ඡන්දය ඉල්ලන්නේ ඇඳුම් ඇඳගෙනද‘‘ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් තම වගකීම් පැහැර හැර විදෙස්ගත වූ හිටපු ජනාධිපතිවරයා යළිත් ඡන්දය ඉල්ලන්නේත්, පක්ෂයක නායකත්වය දරන්නේත් රෙදි ඇඳගෙනදැයි තමා ප්‍රශ්න කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (4) පවසති. 04 April 2021
‘‘කොරෝනා මරණවල පැහැදිලි අඩුවක්‘‘ කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යව හරි අඩකින් පමණ අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසයි. 04 April 2021
ඇමැතිවරුන්ට ප්‍රශ්න ගොඩක් සමාජයේ විවිධ ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් යොමු කරන ගැටළු 50කට ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී හෙට (5) පිළිතුරු දීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කියයි. 04 April 2021
නීතිඥ සාදයේදී ගුටිබැට:හතරක් රෝහලට නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් මහනුවර සංචාරක හෝටලයක පැවැති සාදකයකදී ඇතුවූ ගැටුමකින් තුවාල ලැබූ හතර දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 04 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026