තරිඳු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මුහුණු පොතින් මාධ්‍යවේදියකුගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් ප්‍රතිචාර දක්වා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණීලි දෙකක් විමර්ශනයට අදාළව ඉදිරියේදී පොලිස්පතිවරයා විසින් තීරණයක් ගනු ලබනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 04 July 2021
කොරෝනා මරණ 45ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 July 2021
කොරෝනා ආසාදිතයන් 1022ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,022 දෙනෙක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 July 2021
දැරිය අපචාරයේ යෙද වූ ‘‘ලංකා ඇඩ්‘‘ වෙබ් අඩවියේ හිමිකරු රිමාන්ඩ් පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කර පරිගණක පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘ලංකා ඇඞ්’ නමැති වෙබ් අඩවියේ හිමිකරු සහ එහි මූල්‍ය කලමනාකරු අද (05) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්රභාකරන් මහතා අද (04) නියෝග කළේය. 04 July 2021
ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව විපක්ෂ නායකගේ විරෝධය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේ තැතක් පවතින බවත් ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම ආණ්ඩුව වහාම නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 04 July 2021
ටෝකියෝ යන චාමර සැරයන් නිලයට ජූඩෝ ක්‍රීඩාවෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසු ලබා සිටින ගුවන් හමුදා කෝප්රල් චාමර ධර්මවර්ධන ලබන අගෝස්තු මස 1 වැනිදා සිට සැරයන් නිලය දක්වා උසස් කර තිබේ. 04 July 2021
පළාත් අතර දුම්රිය ධාවනය තවදුරටත් සීමා පළාත් අතර දුම්රිය ධාවනය කිරීමට කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ අනුමැතිය නොලැබීම මත පසුගිය සතියේ දුම්රිය ධාවනය වූ පරිදිම හෙට(05) සිට දුම්රිය ධාවනය වන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනවිරත්න මහතා පැවසීය. 04 July 2021
හෙද සේවාවට වරප්‍රසාද දුන්නාට තව පිරිසක් විරෝධය පා වැඩ වරති සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක සේවක සේවිකාවෝ හෙට (5) සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වෙති. 04 July 2021
මියගිය කඳුකර කොටියෙක්ගේ සිරුරක් හමුවෙයි ඩයගම පොලිස් වසමට අයත් ඩයගම ග්ලාස්ගෝ වතු යායේ තෘණ භුමියක තිබි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තිබි (04) දින හමු වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක රත්නසිරි පෙරේරා මහතා පැවසිය. 04 July 2021
සියලු හමුදා රෝහල්වලදී හෙට කොරෝනා එන්නත් ලබා දෙයි සියලු ත්‍රිවිධ හමුදා රෝහල්වලදී හෙට (5) දවස පුරා ජනතාවට කොරෝනා එන්නත් ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 04 July 2021
හබරාදුවේ නිවාස -මාර්ග ජලයෙන් යටවෙයි ගාල්ල හබරාදුව ප්‍රදේශයට අද (04) ඇදහැලුන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ලියනගොඩ ඇළ මාර්ග අවහිර වීමේ හේතුවෙන් පිටාර ගලා නිවාස කීපයක්ම ජලයෙන් යටවී ඇතැයි ගාල්ල ආපදා කලමනාකාරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය. 04 July 2021
සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා හෙට සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 04 July 2021
‘‘දේශබන්දු, තනතුරට නොගැලපෙන දෙයක් කරලා‘‘-එජාපෙන් නිවෙිදනයක් මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්රවෘත්තියකට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 01 දා දැක්වූ ප්‍රතිචාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට නොගැලපෙන්නක් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 July 2021
මාපාකඩ වැවේ රක්ෂිතය වනසලා මහියංගන, මාපාකඩවැවේ බැම්මට පහළින් ඇති රක්ෂිතයේ ගස් කපා විශාල වන සංහාරයක් තිස්සේ සිදු කර ඇති බව ගම්වාසීන් චෝදනා කරති. 04 July 2021
අපනයන ආදායම සියයට 31කින් ඉහළට ගෝලීය ආර්ථික අර්බුදයත් තිබුණ ද මෙරට අපනයන ආදායම සියයට 31 කින් වර්ධනය කරගත හැකි වූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 04 July 2021
වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මරුමුවට පත්වූ පුද්ගලයාට කොව්ඩ්-19 ආසාදනයවූ බවට අද (4) තහවුරුවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 04 July 2021
ගිනි ගත් නැවේ තිබු ද්‍රව්‍ය අඟුලාන වෙරළට අදත් ගොඩ ගසයි ගිනි ගැනීමට ලක් වු එක්ස්ෆස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී තිබූ බවට සැකකරන ප්ලාස්ටික් ඇට සහිත මල්ලක් සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් අඟුලාන වෙරළ තීරයට අද (4)උදෑසන ගොඩ ගසා තිබුණි. 04 July 2021
මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩේ යුද හමුදාව කරයි ගම්පහ ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ කටයුතු යුද හමුදා වෛද්‍ය අංශ සාමාජික,සාමාජිකාවන් විසින් සිදු කළ ආකාරයක් දක්නට ලැබිණි. 04 July 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය හෙට බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (5)තීරණය කිරීමට නියමිතය. 04 July 2021
ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අසාදිතයෙක් පැන යයි බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු අද (04) උදෑසන එම ප්‍රතිකාර මධ්‍යස්ථායෙන් පලාගොස් ඇතැයි රෝහල් වෛද්‍ය අධිකාරිවාරයා බුත්තල පොලීසියට දැනුම් දි තිබේ . 04 July 2021
රජයේ ආයතන 19 කට කෝටි 8200 ක පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ,විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 19ක් මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි 8200 ක ට වැඩි පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ . 04 July 2021
ජ.වි.පෙ ප්‍රා.මන්ත්‍රීගේ කාබනික වගාව සරුවී අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහතා කාබනික පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 21 අස්වැන්න නෙළිමේ කටයුතු මේවන ආරම්භ කොට තිබේ. 04 July 2021
කන්න බැරි හාල් කිලෝ 3325ක් වනසයි කැකිරාව,තිබ්බටුවැව සහල් මෝලක තිබියදි අත්අඩංගුවට ගනු ලැබු භාරිභෝජනයට නුසුදුසු සම්බා සහල් කිලෝ 3325 ක් අධිකරණයේ නියෝගයක් මත කැකිරාව අධිකරණ භුමියේදි විනාශ කර දැමු බව භාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 04 July 2021
‘‘ජනතාවට සහන නොදුන් ආණ්ඩුව මෙන්ඩිස් සමාගමට බදු සහන දීලා‘‘ ජනතාවට සහන දෙන්න නොහැකි ආණ්ඩුව අද මෙන්ඩිස් සමාගමට බදු සහන දෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 04 July 2021
කීර ගොවියෝත් මහ පාරට බසිති දැදුරු ඔය දෙපස කීර වගා කරන ගොවිහු පිරිසක් සිය වගාවලට පොහොර ඉල්ලා විරෝධතාවක නිරතවුහ. 04 July 2021
‘‘ඉදිරිය තවත් දරුණු වේවි‘‘ මේ දිනවල බෝවන රෝගයේ ප්‍රතිඵල තවත් මාසයකින් විතර දක්නට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය . 04 July 2021
යතුරුපැදි කරුගේ මරුවා ටිපර් රියෙන් එයි බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි. 04 July 2021
තෙල් අස්සේ ගංජා ඇදලා ඉන්ධන ප්‍රවාහන බවුසරයක සඟවාගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 04 July 2021
ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාවේ විකල්පය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රටවල ඇතිවූ අර්බුදය සමග ගෝලීය එන්නත් හිඟයක් නිර්මාණය විණි. එහි අතුරුපල ලෙස එම එන්නත ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇතිවන බව දක්නට ලැබුණි. 04 July 2021
පොහොර හිඟයට විසඳුම් ඉල්ලා පිටිගල උද්ඝෝෂණයක් ඉහළ දමන ලද ඉන්ධන මිල වහාම අඩු කරන ලෙසත් උද්ගතව ඇති පොහෝර හිඟයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බල කිරීමේ දැවැන්ත උද්ඝෝෂණයක් අද (4) පිටිගල නගර මධ්‍යයේදී පැවැත්විණ. 04 July 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026