කලමැටිය ධීවරයෝ විරෝධතාවක ආණ්ඩුව විසින් ඉහළ දැමූ ඉන්ධන මිල පහත හෙලන ලෙසට බල කරමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (03) පෙරවරුවේදී කළමැටිය ධීවර වරාය ඉදිරිපිටදී පැවැත්විණි. 03 July 2021
පාඩු පිට දුවන රාජ්‍ය ආයතනවල ලොක්කන්ට මිලියන ගණන් වැටුප් රාජ්‍ය සේවයේ සභාපතිවරුණ් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් තවමත් රජයේ ආයතන 25 ක ප්‍රධානීන් මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා මුදලක් ලබන බව වාර්තාවෙයි. 03 July 2021
’’ජි.එස්.පී. ප්ලස් අහිමි වුනොත් වැඩ කරන ජනතාවට බලපානවා’’ යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් යෝජනා අනුව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි වුවහොත් එය මෙරට වැඩ කරන ජනතාවට දැඩිලෙස බලපාන කාරණයක් බැවින් ඒ පිළිඳව යුරෝපා කොමිෂමට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙරට ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති පහක නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටිති. 03 July 2021
ඩෙල්ටා තවත් රෝගීයෙක් වැල්ලම්පිටියෙන් හමුවෙයි ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 03 July 2021
පොලිසියේ ලොකු පුටු කිහිපයකට ස්ථානමාරුවීම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හත් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. 03 July 2021
ලංකාවට කාබනික පොහොර හුරු කරන්න එක්සත් ජාතීන්ගේ සහය ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත්කර ගැනීම සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැමත්ත පළ කර ඇත. 03 July 2021
වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනයට කූරගල පිංකම් රැසක් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති කූරගල ඓතිහාසික පුද බිමප්රතිනිර්මාණය කිරීමේ පුරෝගාමී වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් රැසක් කූරගල පුදබිමේ දී සිදු කෙරුණි. 03 July 2021
ගුරුවරුන්ට එන්නත් ලබාදීම ලබන සතියේ අරඹයි සියලුම පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබන සතියේ සිට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත . 03 July 2021
’’ෆයිසර්’’ එන්නත් පළමු තොගය අනිද්දා ලංකාවට ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන ’’ ෆයිසර්’’ එන්නත් පළමු තොගය මෙරටට අනිද්දා(5) සදුදා ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 03 July 2021
අදත් තද වැස්ස පළාත් කිහිපයකට අද (3) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 July 2021
‘‘රන්ජන් ගැනත් ජනපති හිත උණු වේවා‘‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි. 03 July 2021
‘‘රට සාගතයකට කැඳවාගෙන යමින් සිටිනවා‘‘ සෞභාග්‍යය කෙසේ වෙතත් ආණ්ඩුව සාගතයකට රටට කැදවාගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 03 July 2021
මැණික් ව්‍යාපාරිකයකුත් - නැවක කපිතාන්වරයකුත් 15 දැරිය අපයෝජනය කරලා 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු ,නැවක කපිතාන්වරයකු ,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 03 July 2021
නිරෝධායන නීති කැඩු 563ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 563 දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 03 July 2021
කොරෝනා ආසාදිතයන් තවත් 635ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 635 දෙනෙක් අද (2) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 02 July 2021
හෙද ඉල්ලීම් 7න් 5කට විසඳුම් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය. 02 July 2021
අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් දිවයින පුරා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කිරීමට අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 02 July 2021
හෙද වර්ජනයෙන් රෝගීහු අමාරුවේ හෙද වර්ජනය දෙවැනි දිනයටත් රටපුරා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රෝහල්වල සත්කාර සේවා අද දින ද බිඳවැටී තිබිණි. 02 July 2021
කොරෝනා එන්නත් 1,70,000 ක් ඊයේ ලබාදෙයි කොරෝනා මර්දන එන්නත් 170,000ක් පමණ ඊයේ (1) දින තුළදී පමණක් ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 02 July 2021
සේසතම උදුරා ගත් දියණිය මහළු මව,පියා මහ පාරට තල්ලු කරයි තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීම නිසා අසරණ වූ මා පිය යුවළක් සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටිති. 02 July 2021
පුත්තලමේ මඟුලකට ආ පිරිස නිරෝධායනයට පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ප්‍රදේශයේ නීරෝධායන නීති කඩ කරමින් පැවැත් වූ බව කියන විවාහ මංගල උත්සවයක මනාලිය හා මනාලයා ඇතුළු පිරිසක් නිරෝධායනට යොමු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 02 July 2021
කොරෝනා කුඩ්ඩා බෙහෙත් ගබඩාවට පනී වැලිකන්ද කන්දකාඩු කොවිඩ් 19 විශේෂ මධ්‍යස්ථානයෙ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එම මධ්‍යස්ථානයේ බෙහෙත් ගබඩාව කඩා බෙහෙත් බීමට උතසහා දරා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 02 July 2021
කාබනික පොහොර හදන්න ඉන්දියාවේ සහාය ඉන්දියාවේ පූර්ණ සහාය ඇතිව කාබනික පොහොර මධ්‍යස්ථානයක් ශ්‍රි ලංකාවේ ඉදි කිරීමට තමන් යෝජනා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කියයි. 02 July 2021
කොරෝනා මරණ 37ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 37 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 July 2021
කොරෝනා ආසාදිතයන් තවත් 1102ක් වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,102දෙනෙක් අද (2) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 02 July 2021
15 දැරිය අපයෝජනය කළ මිහින්තලේ ප්‍රා. උප සභාපති පක්ෂයෙන් පන්නයි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇත. 02 July 2021
සේරුවිල ප්‍රා. සභාවේ බලය පොදු ජන පෙරමුණට සේරුවිල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩබ්.ඒ.ජයසිරි මහතා තේරී පත්විය. 02 July 2021
මුන්දලම පාළු ඉඩමකින් හමුවූ ගිනි අවිය කුරුවිටින් අතුරුදහන් පී.සීගේ මුන්දලම මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී හමුවූ රිවෝලය, රත්නපුර කුරුවිට පොලිසියේ සේවය කරමින් සිටියදී මීට මාස අටකට පෙර අතුරුදන්වූ පොලිස් සැරයන්වරයකු බාරයේ තිබූ එකක් බවට තොරතුරු හෙළිවී ඇතැයි මුන්දලම පොලීසිය පවසයි. 02 July 2021
අස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව ගන්න සති 45ක් ඉන්න පුළුවන් ඔක්ස්ෆර්ඩ් අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට සති 45 ක් යනතෙක් එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙන බව කොවිඩ් මර්දන කමිටුවේ සාමාජික සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය . 02 July 2021
මැදිරිගිරියේ ගොවියෝත් පාරට බසිති ගොවිජනතාවට අවශ්‍ය පොහොර සහනාධාරය ලබා දී බඩු මිල, ඉන්ධන මිල වහා අඩු කරන ලෙසට බලකරමින් මැදිරිගිරිය නගරයේ අද විරෝධතා පාගමනක් පැවැත්විණි. 02 July 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026