ගිනිගත් නැවේ හානිය ගැන සැකච්ඡාවට විපක්ෂ නායකත් එක් වෙයි මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල් ’ නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාව සදහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී විය. 12 July 2021
අන්තරේ අදත් ලිප්ටන් වටරවුම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්ව කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය. 12 July 2021
15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ වින්දිත දැරිය, කුට්ටනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කළමණාකරුවකු හා තැරැව්කාර තිරෝද රථ රියැදුරෙකු අතර සිදුවූ බව කියන දුරකතන සංවාද කිහිපයකට අදාළ විශ්ලේෂණ වාර්තා අධිකරණයට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට අද (12) නියෝග කළාය. 12 July 2021
දුමින්ද නාගමුවගේ බිරිදගෙන් හෙබයාස්කෝපුස් පෙත්සමක් පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින තම ස්වමිපුරුෂයා වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාගේ බිරිඳ වන එන්. දුලානි ප්‍රියංගිකා මහත්මිය අද (12) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනුකළාය. 12 July 2021
‘‘බුරන බල්ලන්ට ගල් ගහන්න ගිහින් මගේ ගමන පමා කරන්නේ නෑ‘‘ තමා තමන්ගේ ගමන යන බවත්, ඒ ගමනේදී බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතී ගමන පමා කරගන්නේ නැති බවත් පිවිතුරු හෙළ අරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 12 July 2021
ජී.එස් .පී ප්ලස් අහිමි වීමේ අවදානමක් නෑ ජී.එස් .පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ කිසිදු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 12 July 2021
කටුනායක ගුවන් තොටෙන් පී.සී.ආර් වාර්තාව පැය 3න් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් ඉදිරි සති තුන ඇතුලත පිහිටුවීමට රජය කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 12 July 2021
පාසල් ආරම්භය අගෝස්තුවේදී පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලබන අගෝස්තු මාසයේ දී තැබීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 12 July 2021
නිවාස අධිකාරියේ දූෂණ රැසක් එළියට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා බඳවා ගනු ලැබූ පුහුණු නිලධාරීන් 3700 කට පසුගිය 2017-2019 අතර කාලයේදී රුපියල් කෝටි පනස් අටකට වඩා වැඩි මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය වී ඇත. 12 July 2021
පෙරහර රාජකාරියට ආ කොස්තාපල්ට කොරෝනා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා පැමිණි බව කියන කොස්තාපල් වරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි. 12 July 2021
විදේශ අමාත්‍යංශය ලොවපුරා බෞද්ධ සිද්ධස්ථාන ගැන තොරතුරු රැස්කරයි ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කිරීමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන ඇත. 12 July 2021
ඩෙල්ටා සොයා යළිත් පරීක්ෂණ ඩෙල්ටා සැර කොරෝනා වයිරස සෙවීමේ පරීක්ෂණ අද (12) නැවතත් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 12 July 2021
උඳු ගොවියා මහ පාරට උඳු ආනයනය කිරීම තහනම් කර තිබිය දී ,ඇතැම් ව්‍යාපාරිකයන් කූඨ උපක්‍රම යොදා, වංචා සහගතව, සුද්ද කළ උදු හා පිටි වශයෙන් ආනයනය කිරීම නිසා දේශීය උඳු ගොවියන්ට උඳු විකුණාගත නොහැකිව ව්‍යාපාරිකයෝ මෙන්ම ගොවීහූ ද දැඩි සේ පීඩාවට පත්ව සිටිති. 12 July 2021
බෙන්තර ගඟේ වැලි ගොඩදැමු අයෙක් උපකරණ සමඟ අත්අඩංගුවට බැකෝ උපකරණ යොදාගෙන අනවසරයෙන් බෙන්තර ගඟේ වැලි ගොඩදැමීමේ ස්ථානයක් වටලා බෝට්ටු දෙකක්,බැකෝ උපකරණ කට්ටල තුනක්,වැලි පටවමින් සිටි ටිපර් රථයක් ඇතුළු උපකරණ සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ඉත්තැපාන පොලීසිය කියයි. 12 July 2021
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරුගේ සේවය අවසන් ? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතාගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි ප්‍රධාන නිලධාරියකු පැවැසීය. 12 July 2021
වයිරස්වලින් ආරක්ෂාවෙන්න දේශීය ඖෂධයක් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් නිපදවා ඇති ‘‘ප්‍රාණ‘‘ නැමැති ඖෂධය සිරුරේ ප්‍රාථමික ශක්තිය ඉහළ නංවන්නක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් තහවුරු වි ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා පශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි. 12 July 2021
නීති විරෝධිව ගෙනා වියළි කහ කිලෝ 2360 ක් නාවික හමුදා බාරයට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. 12 July 2021
වර්ජන නිසා ගිය වසරේ පැය 22,000 අහිමි වෙයි කොරෝනා වසංගත තත්වය පැවැති 2020 වර්ෂයේදී පවත්වා ඇති වැඩ වර්ජන 28කින් මිනිස් දින විසි දෙදහස් පන් සිය අනූවක් (22,590) රටට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි . 12 July 2021
පාර්ලිමේන්තු පොලිස් ප්‍රධානියාට උසස්වීමක් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ සරත් කුමාර මහතා නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරනු ලැබ සිටියි. 12 July 2021
ඩෙංගු බෝවන අයුරින් වැඩබිම්-නිවාස පවත්වාගෙන ගිය 37 කට නඩු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු කීටයන් බෝ වන ආකාරයට සිය නිවාස සහ වැඩබිම් පවත්වාගෙන ගිය 37 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර 9 දෙනෙකුට නඩු පවරා 28 දෙනෙකුට දඩ ගැසීම් සිදුකල බව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොදිගු මහතා අද (12) පැවසීය. 12 July 2021
ගුරුවරුන්ට එන්නත් දිවයින පුරා සියලුම පාසල්වල ගුරුවරුන්ට සහ ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ අද උදේ ආරම්භ කෙරිණ. 12 July 2021
හිටපු ප්‍රා මන්ත්‍රී අමුඩයකින් සැරසී බස් නැවතුමට නගී ගොවීන්ගේ ගැටලු පිළිබඳව අදහස් පළ කරන ගොවි නායකයන් මර්දනය කිරීම සහ ජනතා ගැටළු ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන මර්දනය කිරීමට එරෙහිව අනුරාධපුර නුවරගම්පළාත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු වන අනුර බණ්ඩාර මහතා මහවිලච්චියේ බස් නැවතුමේ වහලය මත නැගී අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය . 12 July 2021
රෝහල් අපද්‍රව්‍ය යාපනය වෙරළ තීරයේ යාපනය වෙරල තීර කිහිපයකට ගෙවුණු සතිය තුලදී රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයෝ කියති. 12 July 2021
‘පසුගිය මාස 15 දී සෑම පවුලක්ම ලක්ෂ 6 කින් ණය කාරයින් කරලා‘ රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි ආණ්ඩුව පසුගිය මාස 15 ක කාලය තුළ හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් ලක්ෂ 6කින් ණය කාරයින් කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 12 July 2021
නෑමට ළිදට ගිය දරුවා අතුරුදන් මුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියනෑමට ගොස් අතුරුදහන් වූවේයැයි දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිළි කොට ඇත. 12 July 2021
එස්.එම් චන්ද්‍රසේන පස්සට යයි බැසිල් රාජපක්ෂ මහතාට මැතිසබයේ පළමු පෙළ ආසනයක් ලබා දීම සඳහා ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා මැති සබේ දෙවැනි පෙළේ ආසනයකට ගොස් ඇත . 12 July 2021
රනිල්ට මැතිසබයේ වෙනම කාමරයක් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණය කරන ලද කාමරයක් ලබාදී ඇත. 12 July 2021
‘කොරෝනාවට මුවා වී ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා‘ කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමස්ත ලෝකයම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 12 July 2021
වෙඩි වැදි ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්න මිය යයි වෙඩි තැබිමකින් මරණීය තුවාල ලබා දින 9ක් ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්නක මියගිය බව ගල්ගමුව වන ජීවි කාර්යාලය කියයි . 12 July 2021
කෝටි 10ක කේරළ ගංජා සමඟ තිදෙනකු අත්අඩංගුවට රුපියල් කෝටි 10 අධික වටිනා කේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රා යාත්‍රාවක් මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් තිදෙනකු සමඟ යාපනය අනලතිව් දූපත් ආසන්නයේ දී අද (12) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 12 July 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026