කොරෝනා මරණ 214ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 214 දෙනකු පෙරේදා (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) පස්වරුවේ තහවුරු කළේය. 27 August 2021
කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් වර්ධනයක් කොමර්ෂල් බැංකු සමූහය 2021 ජූනි 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලය තුළදී ප්‍රධාන දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබේ. දෙවැනි කාර්තුව තුළදී ණය පොත රුපියල් ට්‍රිලියන 01 ක සීමාව පසුකරමින් දේශීය පෞද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුහන් කර ඇතැයි එම බැංකුව නිවේදනය කර තිබේ. 27 August 2021
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහ Huawei හවුල්කාරීත්වයක රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වනHuawei සමග පසුගියදා හවුල්කාරීත්වයකට එළැඹියේය. රාජ්‍ය අංශයේ කාර්යයන් තව දුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා Intelligent writing, High Definition (HD) video conferencing සහ Wireless sharing සමඟ එන Huawei IdeaHub රාජ්‍ය අංශයට හඳුන්වා දීම සඳහා ඔවුහු මෙලෙස හවුල්කාරීත්වයකට එළඹුණහ. 27 August 2021
Amazon Prime Video ඩයලොග් ටෙලිවිෂන් වෙතින් ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටAmazon Prime Video සේවාව හඳුන්වාදීමට කටයුතු කළේය. මෙම සේවාව Amazon Prime Video තාක්ෂණයෙන් බලගැන්වූ නවතම ViU Hub 2.0 ඩිකෝඩරය සඳහා හඳුන්වාදී ඇතැයි එම සමාගම කියයි. 27 August 2021
Dell Concept Store කොළඹදී විවෘත කරයි දේශීය වෙළඳපොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයකු වන Electrodeals (Pvt) ලිමිටඩ් විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store මෙරටදී විවෘත කරන ලදී. ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්රමුඛ සන්නාමයක් වන Dell Technologies, Electrodeals සමාගම සමග සම්බන්ධ වී මෙලෙස විවෘත කරන ලද Dell Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයන්ට හිමි වන බව එම සමාගම කියයි. 27 August 2021
ජර්මන් ගිය ඇෆ්ගන් ඇමැතිගේ අලුත් රැකියාව ඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන්වරුන් අතට පත් වේවි යැයි කල්තියා බියට පත් වී, පසුගිය දෙසැම්බරයේ ජර්මනිය බලා ගිය ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය සයීද් සදාත් ජර්මනියේ ලිබ්සිග් නුවර ආහාර සහ බඩු බාහිරාදිය බෙදා හරින්නකු ලෙස රැකියාව කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 August 2021
පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මං තීරුවට විරෝධය පාති පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ. 27 August 2021
අනුරාධපුර වැඩිහිටි නිවාසයක 41කට කොරෝනා රජය මගින් පවත්වා ගෙන යන අනුරාධපුර ,සාලියපුර පිහිටි ’’ශාන්ති සෙවන’’ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 41 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබු බව හඳුනා ගෙන ඇතැයි අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 27 August 2021
ගාල්ලෙන් දින දෙකට කොරෝනා මරණ 13ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉකුත් දින දෙත තුළ කොරෝනා ආසාදිතයන් 13 දෙනකු මියගොස් ඇතැයි කොවිඩ් 19 වැලැක්විමේ දකුණු පළාත් මෙහෙයුම් මැදිරිය පවසයි. 27 August 2021
අනවසර වී ගබඩා තව දෙකකට මුද්‍රා තබයි මහියංගනය ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ වී ගබඩා දෙකකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීහු පියවර ගත්හ. 27 August 2021
මාළු වෙළෙන්දා දිරච්ච ගහට යට වී මරුට ඇල්පිටිය ඇත්කදුර - ගුරුසිංහගොඩ මාර්ගයේ දෙල්ගහවලකඩ ප්‍රදේශයේදී දිරාපත්ව තිබූ ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය පවසයි. 27 August 2021
ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන රට අනුව එන්නත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන ඔවුන් සංක්‍රමණය වන රට අනුව කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එම කාර්යාංශය කියා සිටී. 27 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,812ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,812 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 August 2021
“කොවිඩ් එන්නත ගන්න ජනතාව උනන්දු කරවන්න’’ කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 27 August 2021
කොවිඩ් ආසාදිතව පැයකට නවදෙනකු මියයයි කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ. 27 August 2021
වේල්ලවීදිය පොලීසියෙන් යාචකයන්ට දිවා ආහාරය කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ආහාර ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින කොටුව, පිටකොටුව ප්‍රදේශයේ යාචකයන්ට දිවා ආහාරය ලබාදීමට වේල්ලවීදිය පොලීසියේ නිලධාරීන් අද (27) කටයුතු කර තිබිණි. 27 August 2021
හලාවත එන්නත්කරණ සිද්ධිය ගැන පරීක්ෂණයක් වෛද්‍යවරයකුගේ වයස අවුරුදු 12 ක දියණියකට හලාවත, කොක්කවිල ප්‍රාථමික විදුහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී එන්නත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (27) පැවසීය. 27 August 2021
’’ඩිජිටල් එන්නත් සහතික ලබාගන්න පැය 24 කදි අයදුම්පත් 1000ක්’’ අන්තර්ජාලය හරහා ‘ඩිජිටල් එන්නත් සහතිකය’ (ස්මාර්ට් වැක්සිං සටිෆිකට්) ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කර පළමු පැය 24 තුළදී අයැදුම්පත් 1000 පමණ ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබඳව අධ්යක්ෂ විශේෂඥා වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය. 27 August 2021
තනිවම කොවිඩ් පරීක්ෂාව කරගත හැකි උපකරණ ගෙන්වීමට සාකච්ඡා කොවිඩ් වැළඳී ඇත්ද යන්න නිවසේදීම පරීක්ෂා කරගත හැකි ස්වයං රෝග විනිශ්චය කට්ටල මෙරටටත් ගෙන්වීම ගැන මේ වන විට සාකච්ඡා කෙරීගෙන යන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. 27 August 2021
බදියුදීන්ගේ මාමණ්ඩියට ඇප ඉල්ලා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ මාමණ්ඩියට කොවිඩ් ආසාදිතව ඇති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසට නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (27) ප්‍රතික්ෂේප කළාය. 27 August 2021
’’ රට වැසියයුත්තේ විද්‍යාත්මකවයි’’ නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ නිසි ප්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (27) ප්‍රකාශ කළේ ය. 27 August 2021
’’ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ’’ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් රට වසා දැමුවත් කොරෝනා පැතිරීම පාලනය කළ නොහැකිවනු ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (27) පැවසුවාය. 27 August 2021
සිසු නායකයන්ට ‘කොවිඩ්’ හැදුණේ බන්ධානාගාරයෙන් ? බන්ධනාගත කර දින 20 කට පසුව සිසු නායකයන්ට ‘කොවිඩ්’ වැළදීමෙන් ඔවුන්ට වරයිරසය බන්ධානාගාරයෙන් බෝවීම ඇතැයි තහවුරු වන බවත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුල්කිරීමට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරුව තිබූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. 27 August 2021
සුරාසල් වසා තැබීමෙන් රජයට රු: කෝටි 500ක පාඩුවක් මත්පැන් අලෙවිසල් දින දහයක් වසා දැමීමෙන් රජයට රුපියල් කෝටි 500 ක පමණ බදු ආදායමක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 27 August 2021
යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. 27 August 2021
අජිත් රෝහණ රෝහලෙන් පිටව යයි කොවිඩ් රෝගය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සුවය ලැබීමෙන් පසු අද (27) රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. 27 August 2021
කොන්දේසි සහිතව ඉන්දීය සංචාරකයන්ට මෙරට දොරටු විවර වෙයි කොන්දේසි සහිතව ලබන 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත. 27 August 2021
තව සතියක් රට වහයි කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 27 August 2021
ඉන්දියාවෙන් ගෙනා කිලෝ 1500කට වැඩි කහ සමඟ 5ක් අල්ලයි ඉන්දියාවෙන් නීති විරෝධිව ගෙන ආ වියලි කහ කිලෝ 1600 කට ආසන්න තොගයක් සහ සැකකරුන් පස්දෙනෙක් සිලාවතුර සහ කල්පිටිය ප්‍රදේශවලින් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 27 August 2021
අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් 10ක් කොරෝනාවට බිලි කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 27 August 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026