IMG-LOGO

Dell Concept Store කොළඹදී විවෘත කරයි

දේශීය වෙළඳපොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයකු වන Electrodeals (Pvt) ලිමිටඩ් විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store මෙරටදී විවෘත කරන ලදී. ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්‍රමුඛ සන්නාමයක් වන Dell Technologies, Electrodeals සමාගම සමග සම්බන්ධ වී මෙලෙස විවෘත කරන ලද Dell Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයන්ට හිමි වන බව එම සමාගම කියයි.

තාක්ෂණික ක්‍රීඩා සඳහා උද්යෝගිමත් පාරිභෝගිකයන් අරඹයා සුවිශේෂී ක්‍රීඩා පරිශ්‍රයකින් ද Dell Concept Store සමන්විත වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Dell Technologies මාලදිවයින් සහ ශ්‍රී ලංකා කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය Electrodeals යනු ඉහළම තත්ත්වයේ Dell මාදිලියේ උපාංග රැසක් එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ලබා දෙන විශිෂ්ට ප්‍රදර්ශනාගාරයක්. ඕනෑම කෙනකුට පසුවෙන් ප්‍රවේශ විය හැකි කොළඹ ආරම්භ කළ මෙම Dell Concept Store හරහා පාරිභෝගිකයන්ටDell උපාංග මිලදී ගන්න පුළුවන්. ඒ වගේම උපරිම පාරිභෝගික අත්දැකීමක් ලබාදීම කෙරෙහි Dell අවධානය යොමු කරනවා. අපගේ Dell පරිභෝගිකයන්ට විශිෂ්ට අත්දැකීමක් ලබාදීමේ මෙම ගමනට අප හා හවුල් වීම ගැන මමElestrodeals සමාගමට ස්තූතිවන්ත වීමට කැමතියි.”‍

Dell Concept Store අංක 288, ගාලු‍ පාර, කොළඹ 04, යන ස්ථානයේ පිහිටා තිබේ.



අදහස් (0)

Dell Concept Store කොළඹදී විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 570 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site